Divaina - සියලූ විශ්වවිද්‍යාල සඳුදා සිට විවෘත වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 සුජීව තත්සර
 
 ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලූ විශ්වවිද්‍යාලයන් හි අධ්‍යයන කටයුතු ලබන සඳුදා (අගෝස්තු 17 වැනි දා* සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සඳහන් කරයි.
 
 කොළඹ දී ඊයේ (14 දා* පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව පැවසීය.
 
 ඉකුත් ජුලි මස 15 වැනිදා සිට වෛද්‍ය පීඨවල 3 වන වසරේ විභාග ක‍්‍රමානුකූලව පැවැත්වීම ආරම්භ කර තිබූ බව ද සභාපතිවරයා මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
 
 ‘කොවිඞ්-19’ වසංගත තත්ත්වය හමුවේ අන්තර්ජාලය හරහා පැවැත්වූ අධ්‍යයන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල ආරම්භ වීමෙන් අනතුරුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයනට අනුකූලව අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බව ද පැවසීය.
 
 මෙතෙක් නේවාසිකාරවල එක් කාමරයක එක් සිසුවකු පමණක් සිටි නමුත්, අධ්‍යයන කටයුතු ආරම්භ වීමෙන් පසුව සාමාන්‍ය පරිදි නේවාසිකාගාරවල නවාතැන් පහසුකම් සලසා දෙන බව ද විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේය.
  

  

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles