Divaina - පේ‍්‍රමලාල් - පිල්ලෙයාන් තවමත් නිහ`ඩයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


අකිත පෙරේරා
 
 දිවුරුම්දීම සඳහා මෙම 20 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට යෑමට අවශ්‍ය බවට මරණ දඬුවම හිමිව සිටින පේ‍්‍රමලාල් ජයසේකර සහ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්* විසින් මෙතෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ‘දිවයින’ට ඊයේ (13 දා* පැවසුවේය. 
 
 
 
 2015 ජනාධිපතිවරණ සමයේ රත්නපුරයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට අධිකරණය විසින් පේ‍්‍රමලාල් ජයසේකරට මරණ දඬුවම නියම කළේ පසුගියදා පැවති මැතිවරණයට ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා දුන් පසුවය.
 
 ද්‍රවිඩ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් 2005 දෙසැම්බර් 25 දින ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට පත් වූ පිල්ලෙයාන් 2015 වසරේ සිට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවෙයි. රක්‍ෂිත බන්ධනාගාරයේ සිටිමින් ඔහු ද මැතිවරණයට තරග කළේය.
 
 මන්ත‍්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා පළමු පාර්ලිමේන්තු රැුස්වීමටත් ඉන්පසු පවත්වන රැුස්වීම්වලටත් සහභාගි වීමට අවස්ථාව ලබාදෙන ලෙස එම මන්ත‍්‍රීවරුන් දෙදෙනා විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කළ යුතුය.
 
 රක්‍ෂිත බන්ධනාගාරගත කර සහ සිරගතව සිටින මන්ත‍්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ රැුස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දිය හැක්කේ ඔවුන් දෙදෙනා විසින් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් පමණක් බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා කීවේය.
 
 
 
 
 
 
  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles