Divaina - අංගොඩ ලොක්කාගේ කල්ලියේ වෙඩික්කරු පොලිස් වෙඩි කා මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ඇන්ටන් ප‍්‍රනාන්දු
 
 සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කාගේ කල්ලියේ වෙඩික්කරුවකු බව කියන  35 හැවිරිදි හසිත හේමතිලක නොහොත් ‘ෂොල්ටා’ නමැත්තා 11 දා රාති‍්‍ර පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
 මිනිස් ඝාතන කීපයක සැකකරුවකු වන මොහු කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් ප‍්‍රශ්න කිරීමේදී ඔහු විසින් මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග ප‍්‍රදේශයේ සඟවා ඇතැයි පැවසූ ආයුධ කීපයක් සොයා ගැනීමට රැුගෙන ගිය විට පොලිසිය වෙත අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේදී පොලිසිය ඔහුට වෙඩි තබා ඇත.
 
 පොලිස් වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ මේ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
 
 මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
 අංගොඩ ලොක්කාගේ කල්ලියේ ප‍්‍රධාන වෙඩික්කරු ලෙස කි‍්‍රයාකර ඇති මියගිය ෂොල්ටා 2017 වසරේ කොට්ටාව ප‍්‍රදේශයේදී රූපලාවන්‍ය ශිල්පිනියක් ඇගේ නිවස තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමට සහ 2018 වසරේදී අතුරුගිරිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී රෝෂාන් පේ‍්‍රමලාල් නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බව පොලිසිය සඳහන් කරයි.
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles