Divaina - පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවකුට ගැලවීමක් නැහැ..... මුස්ලිම් සමාජයෙන් අන්තවාදය ඉවත් කරන්න අපිට තරම් ඕනෑකමක් මේ රටේ වෙන කාටවත් නෑ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

නව අධිකරණ ඇමැති අලි සබ්රි වැඩභාර ගනිමින් කියයි

සමන් ගමගේ

sabri444

පාස්කු දා ප‍්‍රහාරයට හෝ අන්තවාදයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙන එමින් දඬුවම් ලබාදීමට කි‍්‍රයා කරන බව නව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.

තමන් ඇමැතිවරයකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් වැඩ කිරීමට මිස එක් ජන කොටසක් හෝ ජන සමාජයක් වෙනුවෙන් සේවය කිරීමට නොවන බව ද ඇමැති ධුරයේ වැඩ භාර ගනිමින් ඊයේ (13 වැනිදා* මහනුවර පැවති උත්සවයකදී ඇමැතිවරයා සඳහන් කළේය.

එහිදී නව ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘‘මම අධිකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ යම් සමාජයක් හෝ යම් ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ. මේ රට වෙනුවෙන්. අපි මේ රටට ඉතාමත්ම ආදරෙයි.

කිසිම අවස්ථාවක මේ රටට විරුද්ධව, මේ රටේ සාමයට විරුද්ධව හෝ මිනිස්සුන්ගේ සහෝදරත්වයට විරුද්ධව අපෙන් අබමල් රේණුවක තරම්වත් වරදක් සිද්ධ වෙන්නේ නැති බවට සහතික වෙනවා. ඒ පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මුස්ලිම් සමාජයෙන් අන්තවාදය ඉවත් කරන්න අපිට තරම් ඕනෑකමක් මේ රටේ වෙන කාටවත් නෑ.

ඒ අන්තවාදීන්, ත‍්‍රස්තවාදීන් ඉන්න තාක්කල් අපිට නිදහසේ ඉන්න නෑ. ඒ නිසා කවුරුහරි පාස්කු ප‍්‍රහාරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් කරන්න අපි සම්පූර්ණයෙන්ම කැපවෙනවා.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles