Divaina - සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර නම් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අකිත පෙරේරා

samagi333
 
 සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන්ගේ ලැයිස්තුව එම පක්ෂය විසින් ඊයේ (13දා* මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.
 
 ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර සඳහා රංජිත් මද්දුම බණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, ඉරාන් වික‍්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් නම් කර ඇත.
 
 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 07 ක් හිමි වූ අතර එම පක්‍ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවලට ද ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර ලබාදිය යුතු බවට එම පක්ෂවල නායකයන් ඉල්ලීම් කිරීමත් සමග ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් නම් කිරීම ප‍්‍රමාද විය.
 
 එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊයේ හවස මැතිවරණ කොමිසම වෙත ගොස් මෙම නිල ලේඛනය භාර දී තිබේ.

  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles