Divaina - කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාගේ වරෙන්තු - කි‍්‍රයාත්මක කිරීම 24 දා තෙක් වළක්වයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

court33කුරුණෑගල නගරයේ තිබූ දෙවන බුවනෙකබා රජතුමන් විසින් ඉදිකළ බව සැලකෙන පෞරාණික වටිනාකමක් සහිත රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයා විසින් පසුගිය 7 දා නිකුත් කළ වරෙන්තු නියෝගය ලබන 24 දා දක්වා කි‍්‍රයාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (12 දා) පස්වරුවේ නියෝගයක් නිකුත් කළේය.

කුරුණෑගල නගරාධිපති ප‍්‍රමුඛ වරෙන්තුකරුවන් පස්දෙනා ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම් ඊයේ (12 දා) අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.සී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

කුරුණෑගල නගර සභාවේ වැඩ අධිකාරි ඉලාලූසීන් සුසිකා යන අයගේ හැර සෙසු පෙත්සම්කරුවන්ගේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබූ නීතිපතිවරයා ප‍්‍රමුඛ පිරිසට නිසි ලෙස නොතිසි ලැබී නොමැති බව අනාවරණය වීම නිසා එකී පෙත්සම් හතර සලකා බැලීමක් සිදුනොකළ අතර වැඩ අධිකාරිවරයාගේ පෙත්සම පමණක් ඊයේ (12 දා) සලකා බැලීම සිදු කළේය.

වැඩ අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රියාත් අමීන් මහතා එහිදී කරුණු දක්වමින් පුරාවිiා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පසුගිය 24 දා නිකුත් කළ වාර්තාව අනුව එකී ගොඩනැඟිල්ල දෙවැනි බුවනෙකබා රජතුමන් භාවිත කළ බව ජනමාධ්‍යවලින් සඳහන් වී ඇතත් මේ බව සනාථ කිරීමට විiාත්මක සාක්‍ෂි ඉදිරිපත්වී නොමැති බව අධිකරණය හමුවේ පෙන්වා දෙන ලදී. සිය සේවාදායකයා ඇතුළු පිරිසට අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ කුමන වගන්තිය යටතේ එකී වරෙන්තු නිකුත් කර ඇතිදැයි මහෙස්ත‍්‍රාත්වරයා නිශ්චිතව සඳහන් කර නොමැති බැවින් එකී වරෙන්තු කි‍්‍රයාත්මක කිරීම දෝෂ සහගත බවද නීතිඥ රියාත් අමීන් මහතා පැවසීය.

එකී ගොඩනැඟිල්ල පුරාවිiාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බවට පුරාවිiා දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර ඇති බැවින් කුරුණෑගල මහෙස්ත‍්‍රාත්වරයාගේ වරෙන්තුවට එරෙහිව පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති රිට් ආඥා පෙත්සම් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරවම ප‍්‍රතික්‍ෂේප කරන ලෙස සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සහ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි මහෙස්ත‍්‍රාත් අධිකරණ වරෙන්තු නියෝගය කි‍්‍රයාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම පිළිබඳ තීරණය ලබන 24 දා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles