Divaina - රනිල්, මංගල, පාඨලී ඇතුළු 15කට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් නොතිසි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

- ආර්ථික සංවර්ධන හිටපු ලේකම්ගේ පැමිණිල්ලට

p1 4- ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව යහපාලන රජයේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු 15 දෙනකුට පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කරන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස ඊයේ (12 දා) එම කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එම පිරිස තම පැමිණිල්ලට අදාළ වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ නීතිඥවරයා ඊයේ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි අතර ඊට කොමිසමේ අවසරය ලැබිණි.

මේ අනුව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික‍්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න හා හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර යන මහත්වරුන් ඇතුළු පහළොස් දෙනකු මෙසේ නොතිසි නිකුත් කිරීමට ඊයේ නියෝග කෙරිණි.

යහපාලන රජය සමයේදී හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පිහිටුවනු ලැබූ ¥ෂණ විරෝධී කමිටුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ස්ථාපනය කර ඇති බව පසුගිය සාක්ෂි විභාගයකදී කොමිසමේදී අනාවණය විය. ඒ අනුව හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ ¥ෂණ විරෝධී කමිටුව සහ ජාතික විධායක සභාව නමින් හඳුන්වන නෛතික නොවන ආයතන දේශපාලන වශයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා ස්ථාපනය කර තිබූ බවයි.

‘දිවිනැඟුම’ ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය රජය සමයේදී අසත්‍ය චෝදනා ගොනු කරමින් තමා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කරන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. එහි වැඩිදුර විභාගය ඊයේ සිදු වූ අතර එහිදී මෙසේ 15 දෙනකුගෙන් යුත් පිරිසකට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට නියම කෙරිණි.

වැඩිදුර විභාගය අගෝස්තු 21 දිනට කල්තබන ලදී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles