Divaina - කථානායක පුටුව මහින්ද යාපාට: නි. කථානායක සියඹලාපිටිය?

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3ලබන 20 වැනිදා  රැස්වීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන මහින්ද යාපා අබේවර්ධන මහතා පත් වීමට නියමිතය.

නියෝජ්‍ය කථානායක ධුරය හිටපු ඇමැතිවරයකු වන රංජිත් සියඹලාපිටිය මහතාට හිමිවනු ඇතැයි ආණ්ඩු පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ ඇමැති මණ්ඩලය පත් කිරීමේදී මෙවර මැතිවරණයේදී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් ප‍්‍රථමයා වෙමින් මනාප ඡුන්ද එක්ලක්ෂ එකොළොස්දහස් එකසිය තිස්හතක් ලබාගත් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට පරිසර ඇමැති ධුරය පිරිනැමීමට තීරණය වී තිබී ඇතත් ඒ මහතා රජයේ ඉහළ බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වෙනත් මන්තී‍්‍රවරයකුට ලබා දී ඇත.

ඒ අනුව මහින්ද අමරවීර මහතාට පරිසර ඇමැති ධුරය හිමි විය.

කථානායක ධුරය හිමි වීම සම්බන්ධයෙන් මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමකදී තමන්ට ද ඒ බව දැනගැනීමට ලැබී තිබෙන අතර නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය ලබා දුනහොත් එය භාරගන්නා බව ඒ මහතා පැවසීය.

සමන් ගමගේ, නෝමන් පලිහවඩන
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles