Divaina - අංගොඩ ලොක්කාගේ කුඩු ජාලයේ කළමනාකරු අත්අඩංගුවට.... වසරක් තුළ බැංකු ගිණුමේ කෝටි 18ක් හුවමාරු වෙලා පැය 24ට ලක්‍ෂ10 ක් බැරවෙලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

හේමන්ත රන්දුණු
 
ango135 පාතාල නායක අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙහෙයවූ හෙරොයින් ජාලයේ මෙරට මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ ජාවාරම්කරු තලංගම පොලිසිය මගින් බියගම ප‍්‍රදේශයේදී පෙරේදා (10 දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම ජාවාරම්කරුගේ බැංකු ගිණුමේ වසරක කාල සීමාවකදී රුපියල් කෝටි 18 ක මුදලක් සංසරණය වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
 
 සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසිය ප‍්‍රශ්න කිරීම් කරගෙන යද්දී පැය 24 කටත් අඩු කාල සීමාවකදී ඔහුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයකට අධික මුදලක් බැරවී ඇති බවද පොලිසිය පවසයි.
 
 හෙරොයින් අලෙවියෙන් ලැබෙන මුදල් සියල්ල මොහුගේ බැංකු ගිණුමට බැර වන අතර එම සැකකරු එසේ ලැබෙන මුදල් අංගොඩ ලොක්කාගේ හෙරොයින් ජාලයේ ප‍්‍රධානියකු වන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තවත් හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගිණුමකට බැර කර ඇති බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
 
 තලංගම පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රුක් මහතාට ලැබුණු තොරතුරක් මත හෙරොයින් සමග හෝකන්දර ප‍්‍රදේශයේ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත තලංගම පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රුක් මහතාගේ අධීක්‍ෂණය යටතේ උ.පො.ප. වරුන් වන පි‍්‍රයංකර, ප‍්‍රභාෂ්වර, කොස්තාපල්වරුන් වන (68571* දයාවංශ, (81624* මුණසිංහ, (94404* සෙනෙවිරත්න, (82071* චාමික, (91392* කුමාර ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්‍ෂණ පවත්වති.

  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles