Divaina - ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උළෙල අද..... මහනුවරට 2000 ක පොලිස් බළඇණියක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 හේමන්ත රන්දුණු
 
 නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය වෙනුවෙන් අද (12 වැනිදා* මහනුවර නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු  දෙදහසකගෙන් සමන්විත පොලිස් බලඇණියක් යොදවා විශේෂ රථ වාහන සැලැස්මක් ද කි‍්‍රයාත්මක කර ඇති බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ‘දිවයින’ට පැවසීය.
 
 පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම සිවිල් පොලිස් නිලධාරීහු ද නගරයේ ආරක්ෂාවට යොදවා සිටිති.
 
 අද උදෑසන 06 සිට මහනුවර නගරයට ඇතුළු කරන වාහන සීමා කර ඇති අතර අද දිනය පුරාම මහනුවර නගර සීමාව තුළ රථ වාහන නවතා තැබීම තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
 
 මේ අතර බාධාවකින් තොරව දළදා මාලිගාව වන්දනා කිරීමේ අවස්ථාව වන්දනාකරුවන්ට ලබාදී ඇති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා කියා සිටී.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles