Divaina - මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප‍්‍රාප්තවේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 සුජීව තත්සර
 
gangaශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජනසන්නිවේදන අංශයේ හිටපු අංශ ප‍්‍රධානි මෙන්ම ජපානයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයාද වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඊයේ (11 දා* අභාවප‍්‍රාප්ත විය.
 
 කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා මහරගම අපේක්‍ෂා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
 
 ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කෙටි කලක් කටයුතු කළ ඒ මහතා දීර්ඝ කාලයක් ජපානයේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් එහිදීම ආචාර්ය උපාධියක්ද ලබා ගත්තේය.
 
 ලේඛකයකු ලෙස ප‍්‍රකටව සිටි අභාවප‍්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සරෝජා දිසානායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ අතර, සකී සහ චන්ද්‍රිකා දියණියන්ගේ දයාබර පියාණන්ද විය.
 
 ඒ මහතාගේ දේහය කොට්ටාවේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 
  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles