Divaina - කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනා අදම අල්ලන්න

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
kuru135 නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව හා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තු නියෝගය අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද (12 දා* ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් කුරුණෑගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාට ඊයේ (11 දා* ලිඛිතව උපදෙස් ලබාදී තිබේ.
 
 කුරුණෑගල නගරයේ තිබූ දෙවන බුවනකබාහු රජතුමන් විසින් භාවිත කළ පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමේ සිද්ධියට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ සහ සෙසු සැකකාර නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා එකී නියෝගය කර ඇත.
 
 සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා පසුගිය 10 වැනිදා ලබාදුන් ලිඛිත උපදෙස් ලිපියේ පිටපතක් ද වැඩබලන පොලිස්පතිවරයා විසින් කුරුණෑගල දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර එකී නියෝගය ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ‘‘දිවයින’’ට ප‍්‍රකාශ කළාය.

 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles