Divaina - නගරාධිපතිගේ වරෙන්තුවට එරෙහිව කුරුණෑගල නගර සභාවම ලෙඩ වෙයි.... උමං මාර්ගය - වෙළෙඳ සංකීර්ණය ඉබි යතුරු දමයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල
 
kuruuc කුරුණෑගල දෙවන බුවනෙකබා රජතුමන්ගේ රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැ`ගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කුරුණෑගල
 
 නගරාධිපති ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අධිකරණයේ ලබාදී තිබෙන වරෙන්තුවට විරෝධය පළකරමින් කුරුණෑගල මහ නගර සභාවේ කාර්ය මණ්ඩලය ඊයේ (11දා* ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවාවන් සපයා ගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.
 
 ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණි පිරිස කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට රැඳී සිටිමින් මගීන්ගේ පහසුව සඳහා ඉදිකර තිබෙන උමං මාර්ගය දොරගුළු දමා වසා දැමීමටද කටයුතු කර තිබුණි. පසුව පොලිසිය මැදිහත් වී උමං මාර්ගය විවෘත කිරීමට පියවර ගෙන ඇත.
 
 කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි තෙමහල් නව වෙළෙඳ සංකීර්ණ ගොඩනැ`ගිල්ලද ඉබියතුරු දමා වසා දැමීම නිසා එම වෙළෙඳ සැල්වල හිමිකරුවෝද දැඩි අපහසුතාවට පත්ව තිබුණි.

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles