Divaina - සිරිකොතෙන් නෙරපූ සභාපතිලා දෙන්නා යළි පුටුවල වාඩි වෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ගම්පොළ - සුරංග දිල්හාන්
 
sirilota222 එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයක් මත එම පක්ෂයේ සාමාජිකත්වයෙන් හා තනතුරුවලින් ඉවත් කරනු ලැබූ ගම්පොළ නගර සභා සභාපතිවරයා හා නාවලපිටිය නගර සභා සභාපතිවරයා මැතිවරණයෙන් පසු නැවතත් එම තනතුරුවල වැඩ භාරගත්හ.
 
 ගම්පොළ නගර සභා සභාපති සමන්ත අරුණ කුමාර මහතා හා නාවලපිටිය සභාපති සසංක සම්පත් සංජීව මහතා මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ගම්පොළ හා නාවලපිටිය ආසනය සඳහා තරග කළහ.
 
 මොවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන ඡුන්දය සඳහා ඉදිරිපත්ව සභාපති ධුර ලබා ගෙන තිබිණි.
 
 මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සඳහා සහාය පළ නොකරන මොවුන් දෙදෙනාම සජිත් පිල සමග එකතුව සමගි ජන බලවේගයෙන් තරග කිරීම මත එහි නායකත්වයේ තීරණය අනුව ඔවුහු පක්ෂයෙන් නෙරපනු ලැබූහ.
 
 මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටි මොවුන් දෙදෙනා ඒ සඳහා සභාවලින් නිවාඩු ලබාගෙන තිබූ අතර මැතිවරණය කල්යාම සමග ගම්පොළ සභාපතිවරයා ඒ අතරතුර වරක් පැමිණ සභාවේ කටයුතු කිරීමට උත්සාහ කළ ද ඒ වනවිට ගම්පොළ නගර සභා වැඩබලන නගරාධිපති ජූර්කාන් මහතා ඒ පිළිබඳව විරෝධය දක්වා ගම්පොළ පොලිසියේ පැමිණිල්ලක් ද කළේය.
 
 කෙසේ වෙතත් මොවුන් නැවත වැඩ භාර ගැනීම පිළිබඳව ගම්පොළ නගර සභා ලේකම් යූ. පී. ජයරත්න මහතාගෙන් හා නාවලපිටිය නගර සභා ලේකම් එස්. එස්. පේ‍්‍රමසිංහ මහත්මියගෙන් කළ විමසීමේදී එය මෙසේ පැහැදිලි කෙරිණි.
 
 නගර සභා සභාපති ලෙස ගැසට් කරන ලද සභාපති කෙනෙක් නිවාඩු ලබා නැවත සේවයට පැමිණීම වළක්වන්න නීත්‍යානුකූල තත්ත්වයක් නෑ. ඒ අනුව අදාළ අංශවල උපදෙස් මත එම තනතුරේ වැඩ කටයුතු කරගෙන යෑමට පවරනු ලැබුවා. එයයි නීත්‍යානුකූල දෙය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles