Divaina - කොරෝනා තවමත් තිබෙනවා; - සෞඛ්‍ය මාර්ගෝපදේශ සැහැල්ලූවට ගන්න එපා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර

කොරෝනා අවදානම තවමත් මේ රටින් පහවෙලා  ගිහින් නැහැ. තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, මීටරයක පරතරය තබා ගැනීම, සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම ඉතාම වැදගත්’’ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා ‘දිවයින’ ට ඊයේ (09 වැනිදා) පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘‘දැන් ජනතාවට සෞඛ්‍ය පුරුදු අමතක වෙලා. කොරෝනා අවදානම තවමත් මේ රටින් පහවෙලා ගිහින් නැහැ. මේ සමාජය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොපමණ කොරෝනා රෝගීන් සිටිනවාද අපි හරියටම දන්නේ නැහැ. කොරෝනා තත්ත්වය පහවෙලා ගිහින් තියෙන්නේ කියලා කියන්න අපි ඒක සීයට සීයක්ම තහවුරු කර ගන්න ඕනෑ.

ජනතාව විශේෂයෙන් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරන්න ඕනෑ. මේක සැහැල්ලූට ගන්න එපා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles