Divaina - උ/නැ. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න කතා කිරීමට සියලූ දෙමළ මන්තී‍්‍රන් එක් විය යුතුයි - සුමන්තිරන් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 4උතුරු නැගෙනහිර දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට ඉල්ලා සිටි බලය ලබා නොදීම නිසා මෙවර එම පළාත්වලින් මන්ත‍්‍රී ධුර ලබාගත් සියලූම දෙමළ මන්ත‍්‍රීවරුන් එක්වී කටයුතු කළ යුතු බව දෙමළ ජාතික....

සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ එම පක්ෂයේ ප‍්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා 8 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සුමන්තිරන් මහතා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට දෙමළ වැසියන්ගේ ප‍්‍රශ්න කතා කිරීම ස`දහා උතුරු නැගෙනහිර පළාත්වලින් මන්ත‍්‍රීවරුන් විසිදෙනකු තෝරා පත්කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියත් ජනතාව පත්කොට ඇත්තේ දස දෙනකු පමණක් බවයි.

මේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව යොදාගෙන දෙමළ ප‍්‍රශ්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හ`ඩක් නැගීමට නොහැකි නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් දස දෙනා උතුරු නැගෙනහිර පළාත්වලින් සෙසු දෙමළ දේශපාලන පක්ෂවලින් තේරී පත් වී සිටින මන්ත‍්‍රීවරුන් හමුවීම හෝ ඔවුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් හමුවීම ඉතා ඉක්මනින්ම සිදුවිය යුතු බවද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මෙහිදී ස`දහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයට ජනතාව අඩු බලයක් ලබාදීමට හේතු සෙවිය යුත්තේ දෙමළ පක්ෂවලින් බලයට පත් වූ මන්ත‍්‍රීවරුන් ඒකරාශී වීමෙන් පසුව බව ඔහු මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

දිනසේන රතුගමගේ

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles