Divaina - ආණ්ඩුවේ මූලික අරමුණ ජනතා බලාපොරොත්තු ඉටු කිරීම - අගමැති මහින්ද ‘දිවයින’ට කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමේ මූලික අරමුණ ඇතිව තම ආණ්ඩුව ක‍්‍රියාකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (9 දා) පැවසීය.

කැලණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ පෙරවරුවේ දිවුරුම් දීමෙන් අනතුරුව අගමැතිවරයා ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් එසේ කියා සිටියේය.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදීත් අත්වන අන්ත පරාජය දැන දැනත් විපක්‍ෂ දේශපාලන පක්‍ෂ පොදුජන පෙරමුණ සමඟ තරග කිරීමට පැමිණිය හැකි යැයි ද අග‍්‍රාමාත්‍යවරයා කීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ මෙම විශිෂ්ට ජයග‍්‍රහණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය පුරා අති ප‍්‍රසිද්ධියක් ලැබූ බව ද අග‍්‍රාමාත්‍යවරයා කීවේය.

අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

යූ.ඇන්.පිය ඇතුළු දේශපාලන පක්‍ෂ පරාජය වීමට හේතු පුන පුනා කීමට අවශ්‍ය නැහැ. රටේ සියලූ ජනතාව මෙම පරාජයට හේතුන් දන්නවා. දැන් අපි කතාව නවතා රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. ජනතාව අප බලයට පත් කළේ අපෙන් සේවයක් බලාගෙනයි.

මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශ වෙද්දී ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා මට කතා කර මෙම ජයග‍්‍රහණය ගැන හුඟාක් සතුටු වුණා. ඒ වගේම සෙසු රටවල්වලින් ද අපට සුබ පැතුවා. මෙම මැතිවරණය පිළිබඳව ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවුණා. ඉන්දීය අගමැති අපට ඕනෑම උදව්වක් කරන්න පොරොන්දු වුණා.

මට විශාල මනාප ප‍්‍රමාණයක් ලබා දුන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවට ස්තුති කරනවා.

නව ආණ්ඩුව බලයට පත් වීමේ සතුට පිළිගැනීම් සහ හිංසාවලින් තොරව භුක්ති විඳීම ගැන ඡුන්දදායකයන්ට මම ස්තුති කරනවා.

නෝමන් පලිහවඩන

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles