Divaina - කුරුණෑගල නගරාධිපති ඇතුළු 5දෙනා අද උසාවියට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 12කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු ඇතුළු නගර සභාවේ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉකුත් 7 වැනිදා වරෙන්තු නිකුත් කළ කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඔවුන් අද (10දා) මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

කුරුණෑගල රාජධානි සමයට අයත් පෞරාණික වටිනාකමක් සහිත බුවනෙක රාජසභා මණ්ඩපය බැකෝ යන්ත‍්‍ර යොදා ඩෝසර් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට පසුගිය 6 වැනිදා දුන් උපදෙස් මත ක‍්‍රියාත්මක වූ කුරුණෑගල මූලස්ථාන පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් මෙම සිදුවීමේ සැකකරුවන් වන නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් ප‍්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ අධිකාරි සහ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නිලධාරී ඉලාලූ ඞීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත‍්‍ර ක‍්‍රියාකරු සූරිය පටබැඳිගේ ලක්ෂමන් ප‍්‍රියන්ත නමැත්තන් අත්අඩංගුවට ගැනීමට මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන මෙන් ඉල්ලා සිටින ලදි.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles