Divaina - පියවර කිහිපයක් යටතේ පාසල් අද සිට ඇරඹෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

p1 9කොවිඞ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබාදී තිබූ රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව අද (10 දා) සිට පියවර කිහිපයක් යටතේ ආරම්භ කරනු ලබයි.

මේ අනුව පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල් මීටරයක ශිෂ්‍ය පරතරය ඇතිව පන්ති පවත්වාගෙන යා හැකි නම් සියලූම ශ්‍රේණිවල සිසුන්ට සුපුරුදු පරිදි අද සිට පාසල් පවත්වාගෙන යෑමට පළාත් සහ කලාප බලධාරීන් සහ විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය.

සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල සඳුදා 6, 10, 11, 12 හා 13 ශ්‍රේණිද, අඟහරුවාදා 7, 10, 11, 12 හා 13 ශ්‍රේණි, බදාදා 8, 10, 11, 12 හා 13 ශ්‍රේණිද, බ‍්‍රහස්පතින්දා හා සිකුරාදා 9, 10, 11, 12 හා 13 ශ්‍රේණිද ආරම්භ කෙරේ.

6, 7, 8 හා 9 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාද, 10, 11, 12 හා 13 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා වේ.

අද සිට පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා රාජකාරියට වාර්තා කළ යුතු අතර, ඔවුන් සඳහා ඉගැන්වීම් කි‍්‍රයාවලියට අදාළ කටයුතුවලට අමතරව, සුපරීක්‍ෂණ කාර්යය, පැවරුම් පරීක්‍ෂා කිරීම, සෞඛ්‍ය හා විනය ආරක්‍ෂණ කටයුතුවල වගකීම් පවරනු ලැබේ. පස්වරු 3.30 දක්වා කාලසටහන් හිමි ගුරුවරුන් හැර අනෙකුත් සියලූම ගුරුවරුන්ගේ රාජකාරී වේලාව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා වේ.

පවතින කොරෝනා තත්ත්වය පාලනය වී ඇති බව බලධාරීන් විසින් තහවුරු කරන තුරු පාසල් ආපන ශාලා විවෘත නොකරන ලෙසද පාසල් ප‍්‍රධානීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles