Divaina - බෝනස් මන්තී‍්‍ර ධුරයට එජාපයේ 3ක් සටනේ - තීරණයක් ගන්න රැස්වීමක් අද

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඡන්ද ප‍්‍රතිශතය අනුව හිමිවූ ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය තීරණය කිරීම සඳහා පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරුන් අද (10 දා) පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තීරණය කිරීමට නියමිතය.

අද (10 දා) පැවැත්වෙන සාකච්ඡුාවේදී ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය සමග පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡුා කරන බවත් පක්‍ෂ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වුවත් ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවත් හිටපු ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින’ට පැවසීය.

ප‍්‍රසාද මන්තී‍්‍ර ධුරය ලබා ගැනීම සඳහා කොළඹ කුරුණෑගල, ගාල්ල දිස්ති‍්‍රක්වලින් මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් හිටපු මන්තී‍්‍රවරුන් තිදෙනකු අතර විශාල තරගයක් තිබෙන බවද එම හිටපු මන්තී‍්‍රවරයා කීය.

මේ අතර පක්‍ෂ නායකත්වයද තමන්ට අවශ්‍ය බවට කොළඹ දිස්ති‍්‍රක්කයේ හිටපු ඇමැතිවරයකු සහ කොළඹින් තරග කළ අපේක්‍ෂකයකු ඉල්ලීම් කරන බවත් කොළඹ ප‍්‍රබල අපේක්‍ෂකයා කොළඹ පාක්‍ෂිකයන් පිරිසක් අද පක්‍ෂ මූලස්ථානයට රැස්කරන බවට ප‍්‍රකාශ කර තිබෙන බව දැන ගන්නට ඇති බවත් ඔහු කීය.

චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles