Divaina - කැබිනට් මණ්ඩලය 30යි - දළදා මාලිගයේ මඟුල් මඩුවේදී - දිවුරුම් දීම අනිද්දා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 1ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව රජයේ කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීම අනිද්දා (12 දා) මහනුවර දළදා මාලිගයේ ඓතිහාසික මඟුල් මඩුවේදී සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වේ.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තනි පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ බලය පිහිටුවන විට පත් කළ හැක්කේ කැබිනට් ඇමැති ධුර 30 ක් බැවින් නව රජයේ කැබිනට් ඇමැතිධුර සංඛ්‍යාව 30 කට සීමාවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

අනිද්දා පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්තී‍්‍රවරු 25 දෙනකු පමණ කැබිනට් ඇමැති ධුරයන්හි දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වේ.

සෙසු කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තරග කළ සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂවලින් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ට හිමිවනු ඇතැයි ද වාර්තා වේ.

උපාලි ද සේරම්
 

kandos18

අද දිවයින

සිනමා කලා

maalani250

නවලිය

aaksa250

දියග

wejadas250new

මීවිත

yohanis250

More Articles