Divaina - 2/3ක ආණ්ඩුවක්... ජීඑල් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අනුර බාලසූරිය
 
geala ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ කිහිපයක් දිස්ත‍්‍රික්ක කිහිපයකට වෙනම තරග කර මන්ත‍්‍රී ආසන පහකට වැඩි ප‍්‍රමාණයක් ජයග‍්‍රහණය කර තිබෙන බැවින් එම මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණයත් සමග 150 ඉක්මවූ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ටී.එම්.වී.පී, ජාතික කොන්ග‍්‍රසය යන පක්ෂ මන්ත‍්‍රී ආසන එක බැගිනුත් ඊ.පී.ඞී.පී පක්ෂයට මන්ත‍්‍රී ආසන දෙකකුත් ලබා ඇති අතර එම මන්ත‍්‍රීවරුන් සමග තුනෙන් දෙකක බලයක් තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.
 
 අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වන විට සිය පක්ෂයට තුනෙන් දෙකක බහුතරයක් තිබෙන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ශක්තියත් බලයත් නව රජය සතු වන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් පැවසීය.
 
 මේ රටේ මැතිවරණ දිස්ත‍්‍රික්ක 22න් දිස්ත‍්‍රික්ක 19ක් ජයග‍්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත්වූ බවත් මේසා විශාල ජයග‍්‍රහණයක් සිය පක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් ජනතාවට ස්තුතිය පිරිනැමෙන බවත් හෙතෙම සඳහන් කළේය.
 
 බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (7 දා* පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles