Divaina - ගෝඨාභයගේ නායකත්වය යටතේ රට වෙනුවෙන් කැපවෙනවා...

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 කරුණාරත්න ගමගේ
 
myta135 ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවන නව රජයක් යටතේ මේ රටේ පුළුල් සංවර්ධනයක් සහ සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනඟන්නට ඇප කැපවන බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07 දා* පොලොන්නරුව නව නගරයේදී ප‍්‍රකාශ කළේය.
 
 මෙම මැතිවරණයේදී තමන්ට ලබා දුන් විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව පොලොන්නරුවේ ජනතාවට සිය ස්තූතිය පිරිනමන බව කී ඒ මහතා
 
 සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ මැතිවරණ කොමිසමේ නිලධාරීන්, දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරීතුමන්, සෞඛ්‍ය අංශ, පොලිසිය ඇතුළු සෑම සියලූ දෙනාටම මේ අවස්ථාවේ ස්තූතිවන්ත වන බව ද කීවේය.
 
 2020 මහ මැතිවරණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ඒ බව කීවේය.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
 
 නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේදී ප‍්‍රධාන වශයෙන්ම අපේක්‍ෂකයින්ගේ ආධාරකරුවන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කටයුතු කරන ආකාරයත් පොලිසිය සාමය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ආකාරයත් ඉතාමත්ම ප‍්‍රශංසනීයයි. මේ මැතිවරණය තුළත් අපි දැක්කා සමහර දිස්ත‍්‍රික්කවල බරපතළ ගැටුම්. සමහරුන් වධ හිංසා කරනවා මම දැක්කා. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ එවැනි කිසිදු සිදුවීමක් වුණේ නෑ. ඒක විශේෂත්වයක්. ඒක අපේක්‍ෂකයින් අතර තිබූ විශාල වගකීමක් විදියටයි මම දැක්කේ. මැතිවරණ අංශයේ නිලධාරීන්, පොලිසිය, සෞඛ්‍ය අංශ මේ සියලූ දෙනාම ඉතාමත් අමාරු කටයුත්තක් මේ කළේ. මෙහිදී අපට ලබාදුන් ඒ ජයග‍්‍රහණය පිළිබඳව පොලොන්නරු ජනතාවට අපගේ ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා. අපි නව රජයක් හැටියට ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ පුළුල් සංවර්ධනයක් සහ සමෘද්ධිමත් ආර්ථිකයක් ඇති කිරීමට, ආචාරශීලී සමාජයක් ඇති කිරීමට අප සියලූ දෙනාම කැපවනවා.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles