Divaina - හිටපු මැති ඇමැති ඇතුළු 60 ක් පරාදයි... අලූත් මුහුණු 63 ක්....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

කුෂාන් සුබසිංහ
 
 2020 මහ මැතිවරණය ජයග‍්‍රහණය කරමින් නවක මන්ත‍්‍රීවරු 63 ක් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.
 
 ඒ අතරින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 51 ක් ද, සමගි ජනබලවේගය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරු 04 ක් ද, සෙසු පක්‍ෂ නියෝජනය කරමින් අනෙක් නවක මන්ත‍්‍රීවරු ද තේරී පත්වී ඇත.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ලාභියා වෙමින් මනාප ඡන්ද 325479 ක් ලබාගෙන ඇත. එය නවක මන්ත‍්‍රීවරයකු මෙවර ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වේ. එම පක්‍ෂයේම සහන් ප‍්‍රදීප් විතාන මහතා මනාප 97494 ක්ද, කෝකිලා ගුණවර්ධන මහත්මිය මනාප 77922 ක් ද, නලින් ප‍්‍රනාන්දු මහතා මනාප 69800 ක් ද, මිලාන් ජයතිලක මහතා මනාප 68449 ක් ද සහ උපුල් මහේන්‍ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප 67756 ක් ද ලබාගෙන පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති. මේ අනුව එම දිස්ත‍්‍රික්කයෙන් තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 06 ක් වේ.
 
 
  ==================================================
 
 හිටපු මැති ඇමැති ඇතුළු 60 ක් පරාදයි
 
 කුෂාන් සුබසිංහ
 
 එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් 60ක් පමණ මෙවර පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත් වී ඇත.
 
 එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එම ලැයිස්තුවට එජාප උපනායක රවි කරුණානායක, එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක, එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ද අයත් වෙති.
 
 ඊට අමතරව එජාප හිටපු ඇමැතිවරුන් වන පී. හැරිසන්, අර්ජුන රණතුංග, චන්ද්‍රානි බණ්ඩාර, වජිර අබේවර්ධන සහ දයා ගමගේ යන ඇමැතිවරුන් ද ඒ අතර වෙති.
 
 හිටපු රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුජීව සේනසිංහ, තිලංග සුමතිපාල, ඒ. එච්. එම් ෆවුසි, රුවන් විජේවර්ධන, විජයකලා මහේෂ්වරන්, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර, වීරකුමාර දිසානායක, කරුණාරත්න පරණවිතාන, පියසේන ගමගේ, පාලිත රංගෙ බණ්ඩාර, එඞ්වඞ් ගුණසේකර, පාලිත තෙවරප්පෙරුම, අජිත් මාන්නප්පෙරුම, ශ‍්‍රියානි විජේවික‍්‍රම, ලකී ජයවර්ධන, සුමේධා ජී. ජයසේන, අනෝමා ගමගේ, වසන්ත අලූවිහාරේ, අජිත් පී. පෙරේරා සහ වී. රාධක‍්‍රිෂ්ණන් ද මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූහ.
 
 මේ අතර හිටපු මන්ත‍්‍රීවරුන් වූ නිරෝෂන් පේ‍්‍රමරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, චතුර සේනාරත්න, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි, එම්. තිලකරාජා, සිසිර කුමාර අබේසේකර, ඒ. ඒ. විජේතුංග, තුසිතා විජේමාන්න, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, නිහාල් ගලප්පත්ති, සිඞ්නි ජයරත්න, පද්ම උදයශාන්ත ගුණසේකර යන හිටපු මන්ත‍්‍රීවරු ද ඒ අතර වෙති.

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles