Divaina - සම්පායෝගේ රිට් ආඥා පෙත්සම යළි කැඳවීම සැප්. 3 දා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ඒ. ජේ. ඒ. අබේනායක
 
 sampayo
 
 මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට පසුගිය 22 වැනිදා නිකුත් කළ වරෙන්තු නියෝගය අභියෝගයට ලක්කරමින් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා විසින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 3 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07 දා* නියෝග කළේය.
 
 මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු නියෝගය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අනුරුද්ධ සම්පායෝ ගොනු කර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
 
 පෙත්සම්කරු අත්අඩංගුවට පත්ව මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් එකී පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්නේ දැයි අධිකරණය එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාගෙන් විමසා සිටි අතර රිට් පෙත්සමේ සඳහන් කරුණු තහවුරු කිරීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
  

 

 

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles