Divaina - නිරෝධායන ඇඳිරිනීතිය සමයේ පාතාලය කොළඹට ගෙනා ගිනිඅවි 20 ක් සොයා ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 13-  සිද්ධියට සම්බන්ධ පාතාල ආධාරකරු නාරාහේන්පිටින් අල්ලයි

කොරෝනා වසංගතය පැතිරයෑම පාලනය සඳහා රටපුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ කාලයේ පාතාල සාමාජිකයන් විසින් කොළඹට රැුගෙනවිත් තිබූ ගිනි අවි පනහකට ආසන්න ප‍්‍රමාණයෙන් ගිනි අවි විස්සක් පමණ ඊයේ (05 වැනිදා) වන විට පොලිසිය මගින් සොයාගෙන තිබේ.

මෙම ගිනි අවි අතරින් නවීන පිස්තෝල අවි හතරක් පෙරේදා (04 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මෙහෙයුමකදී මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාතාලය විසින් මෙම ගිනිඅවි කොළඹට රැුගෙන එ්මට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්‍ෂක බලධාරීන් ඝාතනය කරන බවට තර්ජනය කර තිබුණි.

කොරෝනා වසංගත කාලයේ රට වසා තිබියදී රජයේ ඉහළම තැනක මාධ්‍ය ඒකකය බව සඳහන් පුවරුවක් සවි කළ කේඞීඑච් වර්ගයේ වෑන් රථයකින් පාතාලය හා සබඳතා පැවැත්වූ පුද්ගලයකු සහ රට පිළිගත් වෘත්තියකට සම්බන්ධ පුද්ගලයකු විසින් මෙම ගිනිඅවි තොගය කොළඹට ප‍්‍රවාහනය කර තිබෙන බවද පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දඹුල්ල ප‍්‍රදේශයේ සිට අදාළ ගිනිඅවි තොගය වෑන් රථයෙන් රැුගෙන එමින් තිබියදී අවස්ථා හතරකදී ආරක්‍ෂක අංශ මගින් වෑන් රථය පරීක්‍ෂා කිරීමට සූදානම් වුවද මෙම අවි ජාවාරමට සම්බන්ධ වෘත්තීයවේදියා සිය රාජකාරි හැඳුනුම්පත පෙන්වා ආරක්‍ෂක අංශ නොමග යවමින් වෑන් රථය පරීක්‍ෂා කිරීම වළක්වාගෙන තිබෙන බවද මේ වන විට හෙළිවී ඇතැයි ඉහත කී උසස් පොලිස් නිලධාරියා පැවසීය.

මෙම අවි ජාවාරම සඳහා යුද හමුදාවට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකුද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් පොලිසිය යුද හමුදාපතිවරයාගෙන් සිදු කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය මගින් ඊයේ සෙබළුන් දෙදෙනකුද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට කටයුතු කළ බව ඊයේ පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

මෙම සිද්ධියට සම්බන්ධ පාතාල ආධාරකරු නාරාහේන්පිට ප‍්‍රදේශයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙයි.

ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව අදාළ ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ දහසකට අධික ප‍්‍රමාණයක් සහ ග්‍රෙනේඞ් වර්ගයේ බෝම්බ කිහිපයක්ද සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඉහළම ආරක්‍ෂක අංශ නිලධාරියකුගෙන් සිදුකළ විමසීමකදී අංශ ගණනාවක් ඔස්සේ ඉතාම ගැඹුරු විමර්ශනයක් මේ පිළිබඳව සිදු කෙරෙන අතර ඒ අනුව තරාතිරම නොබලා ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසීය.

සමන් ගමගේ

 

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles