Divaina - රජය ලැබූ ජයග‍්‍රහණය හිස නමා පිළිගන්නවා -ගාල්ල එජාප නායක වජිර අබේවර්ධන

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2‘‘මහ මැතිවරණයෙන් ජනතාව රජයට බරපතළ ජයග‍්‍රහණයක් ලබා දීලා තියෙනවා. ඒ ජයග‍්‍රහණය අප හිස නමා පිළිගන්නවා. ගාල්ල ආසනයේ පරාජයට පත්ව සිටින සියලූ දේශපාලන කණ්ඩායම්වල මුළු ඡුන්ද සංඛ්‍යාව එකතු කළත් එය අභිබවා රජය ජයග‍්‍රහණය කරලා තියෙනවා’’ යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් නායක වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ඒ මහතා එසේ පැවසුවේ ගාල්ල රිච්මන්ඞ් කන්ද පිහිටි ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (6දා) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

රජය කෙරෙහි විශාල විශ්වාසයක් සමස්ත රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. ඒ විශ්වාසය කෙසේද ඉදිරියට ගෙනියන්නේ කියන එක ගැන අපිට දැනට මුකුත් කියන්න බෑ. නමුත් දේශපාලනඥයන් හැටියට අප දන්නවා ඔවුන් විශාල පීඩනයකට අසීරුතාවකට, බරපතළ ඛේදවාචකයට, මුහුණ දෙන බව. ඒ පීඩනයෙන් ඔවුන්ට ගැළවෙන්න පුළුවන්කමක් නෑ. ප‍්‍රධාන දේශපාලන පක්ෂය රජය කියන විශ්වාසය ඔවුන්ට තියෙන්න පුළුවන්. ඒ නිසා රජයට විශාල ජයග‍්‍රහණයක් ලබා දීලා තියෙනවා. ඒ ජයග‍්‍රහණය අප හිස නමා පිළිගන්නවා. දේශපාලකයන්ට පරාජය කියන්නේ ජයග‍්‍රහණය මාවතයි.

එක්සත් ජාතික පක්ෂයේ මම මේ ගාල්ල දිස්ත‍්‍රික්කය භාර ගත්තට පස්සේ යම් යම් අවස්ථාවල ජයග‍්‍රහණය කරලා තියෙනවා. නමුත් වැඩි වාර ගණනක් පරාජය තමයි ලබලා තියෙන්නේ. මේ අවස්ථාවේ රජය කෙරෙහි තියෙන විශ්වාසය අනුව ගාල්ල ආසනයේ අනිත් සියලූම දේශපාලන පක්ෂවල එකතුව බැලූවත් එහි එකතුවටත් වඩා ජයග‍්‍රහණයක් රජය ලබලා තියෙනවා.

ගාල්ල - එස්. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles