Divaina - සමගි ජන බලවේගයට ලැබුණු ප‍්‍රතිඵලය ගැන සෑහීමට පත් වෙනවා - මහ ලේකම් මද්දුම බණ්ඩාර කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3- ආණ්ඩුවට ඕනෑ විදිහට කි‍්‍රයා කිරීම එජාපයේ පරාජයට හේතුවයි

මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය තුළ ළාබාලම පක්ෂය වන සමගි ජන බලවේගයට ජනතාව ලබාදුන් ප‍්‍රතිඵලය සම්බන්ධව සෑහීමකට පත් වන බව සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

මෙම මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මෙවැනි ජයග‍්‍රහණයක් ලබා දීමට මාර්ගය විවෘත කර දුන්නේ එක්සත් ජාතික පක්ෂය බවට ද හෙතෙම චෝදනා කළේය.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සජිත් පේ‍්‍රමදාස මහතාට එජාප අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අනුමැතිය ලබා දී පසුව වෙනම තනිව තරග කිරීම විශාල පරාජයක් ලැබීමට හේතු වූ බව ද ඒ මහතා කීය.

එක්සත් ජාතික පක්ෂය ලෙස සියලූම දෙනා එක්ව තරග කළේ නම් මීට වඩා ඉහළ ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට හැකියාව තිබූ බව පැවසූ සමගි ජනබලවේගයේ ලේකම්වරයා එජාපය ආණ්ඩුවට අවශ්‍ය පරිදි කි‍්‍රයා කිරීම මෙවැනි පරාජයක් ලැබීමට හේතුව බව ද කියා සිටියේය.

කෙසේ වෙතත් එජාපයේ සිටින වංචා දූෂණවලට හවුල් නොවූ අය සමගි ජනබලවේගයට එක් කර ගැනීමට සූදානම් බවත් මැතිවරණයකට මාස එකහමාරකට පමණ පෙර කි‍්‍රයාත්මක වූ සමගි ජනබලවේගයට ජනතාව ලබාදුන් ජයග‍්‍රහණයට හිස නමන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ කොළඹ දිස්ති‍්‍රක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි ඒ මහතා මේ බව පැවසීය.

චමින්ද සිල්වා

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles