Divaina - ඇල්බමයෙන් පෙන්වා කතුන් විකිණූ කණ්ඩායමක් තලවතුගොඩින් අල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

ganika135කොළඹ අවට සුපිරි හෝටල්වලට ගණිකා සේවය සඳහා තරුණියන් බෙදාහරින තිදෙනකුගෙන් සමන්විත තරුණයන් කණ්ඩායමක් සමග එම සේවය සඳහා තලවතුගොඩ හෝටලයක රඳවා සිටි තරුණ කාන්තාවන් තිදෙනකු කොළඹ පොලිස් දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලූම සැකකරුවන් රුපියල් පනස් දහසක් බැගින් වන ශරීර ඇප කොන්දේසි යටතේ මුදාහැරීමට නියම කළ වැඩබලන මහෙස්ත‍්‍රාත් කමල් විජේසිරි මහතා ඔවුන්ට ලබන 27 දින යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.
 
 මෙම කණ්ඩායමේ ප‍්‍රධාන සැකකරු සමග තරුණියන් තිදෙනෙක් එම සේවය සඳහා හෝටලයෙන් හෝටලයට කාන්තාවන් ප‍්‍රවාහනය කරන රියැදුරෙක් හා
 
 තලවතුගොඩ හෝටලයක මුදල් අයකැමිවරයෙකුද පොලිසිය අධිකරණය හමුවට පමුණුවන ලදී.
 
 රූමත් තරුණියන් 55 දෙනකුගේ රුව සහිත ඇල්බම් පොතක් ගණිකා ඇසුර ලබා ගැනීමට එන සල්ලාල පුද්ගලයන්ට පෙන්වා සැකකරු රුපියල් 5000 ගණනේ ගාස්තු ලබාගෙන ඒ සඳහා කලින් වෙන්කර ගත් හෝටල්වලට ගණිකාවන් භාරදී පහසුකම් ලබාදීම මේ ජාවාරමේ සුලමුල බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණ.
 
 මෙම ජංගම ගණිකා ජාවාරම සම්බන්ධයෙන් තලවතුගොඩ ප‍්‍රදේශයේ මසාජ් ක්ලිනික් ආයතනයක් පවත්වාගෙන ගිය එම ප‍්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වාගෙන යන බව මෙහිදී පොලිසිය දන්වා සිටියේය.

 පියදාස රණසිංහ
 
  

  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles