Divaina - බස් රියේදී පොකට් ගැසූ ආබාධිත සෙබළා ඇඟලූම් සේවිකාව නිසා කොටු වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 බළන්ගොඩ - එන්. එච්. පියසේන
 
 බස් රථයක් තුළදී මුදල් කොල්ල කා පැන යෑමට තැත් කළ විශ‍්‍රාමික සෙබළකු පොලිසියට අල්ලා දීමට ඇඟලූම් කම්හල් සේවිකාවක සමත් වූ පුවතක් බළන්ගොඩ පොලිසියෙන් ඊයේ (5 දා* වාර්තා විය.
 
 සිද්ධිය මෙසේය. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන බස් රථයට ඊයේ අලූයම 2.30 ට පමණ ඇහැළියගොඩින් ගොඩ වූ ඇඟලූම් කම්හල් සේවිකාවගේ ගමන් බෑගය රියැදුරු අසුන අසල තබා තිබිණි. ඇය ඊට ආසන්නයේ අසුනක වාඩි වී සිටියාය. මේ වනවිට බස් රථය   බළන්ගොඩ නගරයට ආසන්න වෙමින් තිබිණි. වේලාව අලූයම 4.30 පමණ වීය. එක්තරා පුද්ගලයකු තම බෑගයට අත දමා යමක් ගන්නා අයුරු දුටු සැණින් ඇඟලූම් සේවිකාව ඔහුගේ අතින් අල්ලා ගත්තාය. වහා කි‍්‍රයාත්මක වූ පුද්ගලයා තමා අසල සිටි වෙනත් අයකුට මුදල් පසුම්බිය දෙන විට ඔහු බස් රථයෙන් පැන ගත්තේය. ඉන්පසු අදාළ සැකකරු අල්ලාගෙන කෑ ගසන විට රියැදුරු අසුන අසල සිටි කීප දෙනෙක් ඔහුට පැන යෑමට ඉඩ නොදී රැුක ගෙන සිටියහ. පසුව බස් රථය බළන්ගොඩ පොලිසියට යොමු කිරීමට රියැදුරා කටයුතු කළේය.
 
 මේ පිළිබඳව පොලිසිය කරන ලද විමර්ශනවලදී මොහු අතක කොටසක් අහිමි විශ‍්‍රාමික හමුදා සෙබළකු බව අනාවරණය විය.
 
 රුපියල් 3000 ක් සහිත පසුම්බිය රැුගෙන පලා ගිය ඔහුගේ සගයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී. සැකකාර විශ‍්‍රාමික යුද හමුදා සෙබළා ඊයේ බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව අධිකරණ කටයුතු සම්බන්ධ පොලිස් සැරයන් (39448* නුවන් මහතා සඳහන් කළේය. බළන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles