Divaina - එස් එෆ් ලොක්කා වෙඩි කා මරුට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ මිහින්තලේ -රංග චතූ
 
 sflookkaඅනුරාධපුර පැනොරාමා රාත‍්‍රී සමාජ ශාලාවේ හිමිකරු සහ ගිනස් වාර්තාලාභී ප‍්‍රවීණ කරාටේ උපදේශකවරයකු වූ සෙන්සේ වසන්ත සොයිසා මහතා කඩුවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන තිස්එක් හැවිරිදි ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොක්කා ඊයේ (05දා* දහවල් සිය පෙම්වතිය සමග සුඛෝපභෝගී මෝටර් රථයකින් නිවස බලා ගමන් ගනිමින් සිටියදී අනුරාධපුර ඞී.එස්. සේනානායක මාවතේ දහයියාගම හන්දියට නුදුරු දුම්රිය හරස් මාර්ගය අසලදී කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නා`දුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මරුමුවට පත්විය.
 
 ඊයේ දවල් 12.30 ට පමණ කළු පැහැති ජැකට්වලින් සහ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස් වැසුම් සහ මුහුණු ආවරණ පැළැඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මෙම ඝාතනය සිදු කොට ඇත.
 
 මෝටර් රථයේ රියැදුරු අසුනට යාබදව පිහිටි ඉදිරිපස අනෙක් අසුනේ ගමන් ගත් ඔහුගේ පෙම්වතියට මෙම වෙඩි තැබීමෙන් කිසිදු අනතුරක් සිදුවී නොමැති බව අනුරාධපුර පොලිසිය පවසයි.
 
 ඉරෝන් රණසිංහ නමැත්තා අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් පසුව සිය පෙම්වතිය සමග දහයියාගම හන්දියේ වෙළෙඳසලකින් එළවළු මිලදී ගෙන නැවත අනුරාධපුර කාර්මික පෙදෙසේ පිහිටි නිවස වෙත ගමන් ගනිමින් සිටියදී මෙසේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත.
 
 ඉරෝන් රණසිංහ නමැත්තා දහයියාගම හන්දියේ සිට සිය මෝටර් රථයෙන් සිය නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර ඊට මීටර් එකසිය පනහක් පමණ දුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයේ වේගය අඩු කරනවාත් සමග මෝටර් රථය පසුපසින් සම්පූර්ණ මුහුණු ආවරණය කරන ලද හිස් වැසුම් සහ මුව ආවරණ පැළැඳ යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා සිය යතුරුපැදිය මෝටර් රථයේ රියැදුරු අසුන අසලටම ළංකොට ඉරෝන් රණසිංහ වෙත වෙඩි ප‍්‍රහාරයක් එල්ල කොට ඇත.
 
 එම අවස්ථාවේ වෙඩි ප‍්‍රහාර දහයකට ආසන්න සංඛ්‍යාවක හඬ ඇසුණු බව සිද්ධිය වන අවස්ථාවේ එම ප‍්‍රදේශය ආසන්නයේ සිටි ජනතාව පවසති. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් දෙදෙනා සිය යතුරුපැදියෙන් අනුරාධපුර අභය මාවත ඔස්සේ නගරය දෙසට පලා ගොස් තිබිණි. ඝාතකයින් පලායෑමත් සමග ඒ අවට සිටි පුද්ගලයින් විසින් ඉරෝන් රණසිංහ නමැත්තා ප‍්‍රතිකාර සඳහා වහා අනුරාධපුර රෝහල වෙත රැුගෙන යෑමට කටයුතු කළත් ඒ වනවිටත් ඔහු මිය ගොස් තිබිණි.
 
 වෙඩික්කරු ප‍්‍රථමයෙන් ඉරෝන් රණසිංහ නමැත්තාට වෙඩි තබා අනතුරුව මෝටර් රථයේ එන්ජිම දෙසට සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් පසුව එම මෝටර් රථයද ගිනි ගෙන සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ඇත.
 
 ව්‍යාපාරිකයකු සහ ගිනස් වාර්තාලාභී කරාටේ ශුරයකු මෙන්ම කරාටේ උපදේශකවරයකුද වූ වසන්ත සොයිසා මහතාට අයත් අනුරාධපුර කඩ පනහ ප‍්‍රදේශයේ පිහිටි පැනොරාමා රාත‍්‍රී සමාජ ශාලාවට 2015 වසරේ ඔක්තෝබර් 24 වැනිදා රාත‍්‍රී බීමත් පුද්ගලයින් හතළිහකට ආසන්න පිරිසක් සමග කඩාවැදී එහි දේපළවලට අලාභ හානි සිදු කොට වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා නමැත්තා ඒ සම්බන්ධයෙන් සහ තවත් අපරාධ චෝදනා කීපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සැකකරුවකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටි අයෙකි.
 
 මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඝාතකයින් සොයා අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ඉරෝන් රණසිංහ නමැත්තාගේ මරණය පිළිබඳ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සහ ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ සවස සිදු කිරීමට නියමිතව තිබිණි.
  

  

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles