Divaina - මැතිවරණය සාමකාමියි... 71%ක් ඡන්දය දෙති.. දිස්‌ත්‍රික්‌ක 22 ක ඡන්ද ප්‍රතිශතය....

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
distrikරට පුරා ඡන්ද මධ්‍යස්ථාන 12984 කදී ඊයේ (05 දා* පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමේදී සමස්ත ඡන්දදායකයන්ගෙන් සියයට 71% ක් පමණ ඡන්ද ප‍්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සඳහන් කළේය.
 
 ඡන්ද විමසීම පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර එය පස්වරු 5.00 ට අවසන් කෙරිණි.
 
 ඡන්ද විමසීම සුළු සිද්ධීන් කිහිපයක් හැරුනු කොට ඉතාම සාමකාමීව පැවති බව මහින්ද දේශපි‍්‍රය මහතා ඊයේ (05 දා* සවස පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
 
 එමෙන්ම සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම සියයට සියයක්ම සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද යටතේ ඉතාම ආරක්‍ෂිතව පැවති බවද ඒ මහතා සඳහන් කළේය.
 
 ඡන්ද විමසීම ආරම්භ වූ මුල් පැය කිහිපයේදී ඡන්ද සලකුණු කිරීම සියයට 30 කට ආසන්නව පැවති අතර දහවල් වන විට දිස්ති‍්‍රක්ක රැුසකම ඡන්ද සලකුණු කිරීම සියයට 50 ඉක්මවා තිබිණි. ගම්පහ, රත්නපුර, කෑගල්ල, අනුරාධපුර, කුරුණෑගල, ගාල්ල, මාතර යන දිස්ති‍්‍රක්කවල මධ්‍යස්ථාන රැුසක උදෑසන සිට දිගු පෝළිම් දක්නට ලැබිණි.
 
 ඡන්ද සලකුණු කිරීම පස්වරු 5.00 ට අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ආරක්‍ෂිත ලෙස මුද්‍රා තැබීම සිදුකරන ලදී. එම ඡන්ද පෙට්ටිවල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීමට දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට ඉඩ ලබාදී තිබිණි. අනතුරුව පොලිස් ආරක්‍ෂාව මැද අදාළ දිස්ති‍්‍රක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ගෙන යෑම සිදුවිය. සවස 6.30 පමණ වන විට ඡන්ද පෙට්ටි අදාළ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබී තිබිණි.
 
 ඡන්ද ගණන් කිරීම අද පෙරවරු 7.30 ට මධ්‍යස්ථාන 2367 කදී ආරම්භ වෙයි. එමෙන්ම මධ්‍යස්ථාන 444 කදී තැපැල් ඡන්ද ගණන් කිරීම ද ආරම්භ කිරීමට නියමිතය.
 
 රත්නපුර එකම පක්‍ෂයේ දෙපිරිසක් අතර ගැටුමක් වාර්තා වූ බවද හොර ඡන්ද දැමීම පිළිබඳව පැමිණිලි 05 ක් ද කැලණිය ප‍්‍රදේශයේදී අපේක්‍ෂකයකු විසින් පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් ද, කිළිනොච්චියේදී ස්වාධීන කණ්ඩායමක හා දේශපාලන පක්‍ෂයක දෙපිරිසක් අතර ගැටුමක් පිළිබඳව ද වාර්තා වූ බවත් ඒවා කිසිවක් ඡන්ද ප‍්‍රකාශ කිරීම වැළැක්වීමට කිසිදු හේතුවක් නොවන බවත් මහින්ද දේශපි‍්‍රය මහතා පැවසීය.
 
 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් ඊයේ (05 දා* පැවති ඡන්ද විමසීමේදී දිස්ත‍්‍රික්ක 22 න් ප‍්‍රකාශිත වැඩිම ඡන්ද ප‍්‍රතිශතය වාර්තාවන්නේ හම්බන්තොට සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවලිනි. එය සියයට 76 කි. අඩුම ඡන්ද ප‍්‍රතිශතය වාර්තාවන්නේ පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය සියයට 64 කි.
 
 වැඩිම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත‍්‍රික්කයෙහි ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය සියයට 68 කි.

  

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles