Divaina - ඡන්ද පත‍්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයෙක් පිළියන්දලින් අත්අඩංගුවට ගනී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 
paper පිළියන්දල, ගැටබුවාන ශ‍්‍රී සද්ධානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ පිහිටා තිබූ ඡන්ද මධ්‍යස්ථානයක් තුළදී සිය ඡන්ද පත‍්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡුායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු ඊයේ(05 වැනිදා* උදේ 8.40 ට පමණ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
 
 සැකකරු සතුව තිබූ සලකුණු කරන ලද ඡන්ද පත‍්‍රිකාව සහ ජංගම දුරකථනය ද අත්අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි.
 
 මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, මඩපාත ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
 
 මෙම පුද්ගලයා තම ඡන්ද පත‍්‍රිකාව ලබාගෙන ඡන්දය සලකුණු කරන රහස් කුටියට ගොස් එය සලකුණු කර පසුව එය තම ජංගම දුරකථනයෙන් ඡුායාරූපගත කිරීමට පටන්ගෙන තිබේ. එහිදී එය ඡන්ද මධ්‍යස්ථානය තුළ සිටි නිලධාරියකු දැක ඒ බව එහි සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.ඒ අනුව ක‍්‍රියාත්මක වූ ⁣ පොලිස් නිලධාරීන් ඔහුව අල්ලාගෙන තිබේ.අනතුරුව එම නිලධාරීන් මේ බව පිළියන්දල පොලීසියට දැනුම් දී ඇත.ඒ අනුව පිළියන්දල පොලීසියේ නිලධාරීන් පැමිණීමෙන් පසු සැකකාර පුද්ගලයාව ඡන්ද මධ්‍යස්ථානයේ සිටි නිලධාරීන් විසින් භාරදී ඇත.
 
 අනතුරුව පිළියන්දල පොලිස් නිලධාරීහූ සැකකරු පිළියන්දල පොලිස් ස්ථානය වෙත රැුගෙන ගියහ.
 
 සැකකරු කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 මේ පිළිබඳව පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත නිලධාරීහූ කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles