Divaina - සම්පායෝ රිමාන්ඞ් - ඇප ඉල්ලීමට නි. සොලිසිටර් ජනරාල්ගේ විරෝධය

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 13- මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට උසාවි - භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙයි

- මීගමුව බන්ධනාගාරය තුළ සිදුවී ඇති විවිධ විෂමාචාර කි‍්‍රයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව දින 12 ක් තිස්සේ අධිකරණය මඟ හැර සිටියදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ  මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ නමැත්තා අද (04 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ කේ. ජී. ගුණදාස මහතා ඊයේ (03 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරුට එරෙහිව ගොනු කර ඇත්තේ ඇප පනත යටතේ මහෙස්ත‍්‍රාත් අධිකරණයකට ඇප දිය හැකි චෝදනා වන බැවින් ඔහුව ඇපමත මුදාහරින ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කැලූම් කුමාරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි විරුද්ධත්වය දැක්වූ අතර සැකකරුට ඇප ලබාදීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බවත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවත් පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනුරුද්ධ සම්පායෝ නමැති සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදුකරන බව කියා සිටියේය.

අධිකරණය හමුවේ කැඳවන නඩු කටයුතු විනිවිද භාවයකින් කළ යුතු වුවත් මෙකී නඩු කටයුත්තට අදාළ දර්ශන ලබා ගැනීම සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ඡුායාරූප ශිල්පීන්ට අධිකරණ භූමියට ඇතුල් වීමට පෙර නඩු දිනයේදී මෙන්ම ඊයේ (03 දා) දිනයේදීත් පොලිසිය විසින් ඉඩදී නොමැති බව එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන ලෙස නිල නොලත් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

අධිකරණයේ නියෝග මත බව පෙන්වා දෙමින් පනවා ඇති එකී තහනම නිසා ඡුායාරූප මාධ්‍යවේදීන්ට සිය ජීවිත අනතුරේ හෙළීමට ඇති අවදානම නොතකා අධිකරණයේ වැටවල් දිගේ නැඟ ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට සිදුවී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී නඩුකරයට අදාළ නඩු ගොනුව තමන් ඉදිරියේ නොමැති බැවින් සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමේ හැකියාව තමනට නොමැතිව බවත් එකී ඉල්ලීම ඉදිරි දිනයේ නඩුව කැඳවූ පසුව සිදුකරන ලෙසත් වැඩබලන නිල නොලත් මහෙස්ත‍්‍රාත් නීතිඥ කේ. ජී. ගුණදාස මහතා සැකකරුගේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය.

මීගමුව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව එම සැකකරුව ඊයේ (03 දා) පස්වරු 2.30 ට පමණ අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක සහ මීගමුව - විමල් කීර්ති

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles