Divaina - කලබලයක් වුණොත් ඡන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිඵල ශූන්‍ය කරනවා මැ.කො.ස කියයි - 2020 මහ මැතිවරණය හෙට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 3යම් ඡන්ද මධ්‍යස්ථානයක ඡුන්දය ප‍්‍රකාශ කිරීමට බාධා වන ආකාරයේ සිද්ධීන් වාර්තා වුවහොත් වහාම අදාළ ඡුන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිඵල ශූන්‍ය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. 04 - පිිටුවට

එවැනි මධ්‍යස්ථානවල ඡුන්ද ප‍්‍රතිඵල ශූන්‍ය කර පසු දිනෙක නැවත ඡුන්ද විමසීමක් සිදු කිරීමට කටයුතු කරන බවද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (3 දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී දේශප‍්‍රිය මහතා පැවසීය.

බරපතළ ගණයේ සිද්ධීන් මෙතෙක් වාර්තා නොවුණද යම් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවක් ඇති වෙතැයි අනුමාන කරන ප‍්‍රදේශවලට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යොදවා ඇති බවද අවශ්‍ය වුවහොත් යුද හමුදාව කැඳවීමට මැතිවරණ කොමිසමේ අවසරය ඇතිව පොලිස්පතිවරයා කටයුතු කරනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

පුත්තලම, හලාවත, රිදීගම, නිකවැරටිය, කුලියාපිටිය, වැලිඔය, කරුවලගස්වැව, නාමල්ගම මෙන්ම ත‍්‍රිකුණාමලය, සයින්දමරුදු, එරාවුර්, ඔට්ටමාවඩි යන ප‍්‍රදේශවලින් යම් යම් සිද්ධි වාර්තා වූ බවත් ඒ මහතා කීය.

ඊයේ දිනයේද නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු පිළිබඳ ස්ථාන කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බැවින් හෙට (05 වැනිදා) දිනයේදීත් ඒ ප‍්‍රදේශ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ආරක්‍ෂාව තර කිරීමට පියවර ගන්නා බව මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේය.

රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles