Divaina - රැඳවියන්ට පහසුකම් සපයා සම්පායෝලා මුදල් දේපළ ලබා ගත්තා දැයි විමර්ශන ඒවා සොයා ගත්තොත් රාජසන්තක කරනවා - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 12මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට පහසුකම් සැපයූ බවට චෝදනා එල්ල වී ඇති මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාට ද එම බන්ධනාගාරයේ ජේලර්වරුන් තිදෙනාට ද එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකරගෙන යන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (03 දා) පැවසීය.

මොවුන්ට එල්ල වී තිබූ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් සිටියදී අනුරුද්ධ සම්පායෝ මහතා හැර සෙසු ජේලර්වරුන් තිදෙනා අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් පෙරේදා (02 දා) සවස භාර වූ අනුරුද්ධ සම්පායෝ මහතා ඊයේ (03 දා) බන්ධනාගාරගත කිරීම සඳහා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවත් ජාලිය සේනාරත්න මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (03 දා) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සැකකාර බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ඉකුත් ජූලි 22 වැනිදා බී වාර්තාවක් මගින් මීගමුව අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබාගෙන සිටියදී පොලිසියට භාරවූ ජේලර්වරුන් තිදෙනා හැර අනුරුද්ධ සම්පායෝ මහතා දින 12 ක් අධිකරණය සහ පොලිසිය මඟහරිමින් සිටි බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් බුද්ධි අංශයට සහ රාජ්‍ය බුද්ධි අංශයට ලබාදී තිබූ උපදෙස් අනුව සම්පායෝ මහතා සිටින ප‍්‍රදේශය නිරීක්ෂණය කර උපක‍්‍රමශීලීව ඔහු වෙනත් ස්ථානයකට රැුගෙන යන ආකාරයට පිටතට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

සම්පායෝ ඇතුළු බන්ධනාගාරගතව සිටින ජේලවර්වරුන් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ රැුඳවියන් දෙදෙනකුට ලබාදී තිබූ පහසුකම් අතර දොර දෙකේ ශීතකරණයක්, මයික්‍රෝ උදුනක්, රයිස් කුකර් දෙකක් පොලිස් විමර්ශනවලදී හෙළි කරගෙන තිබෙන බව කී ඒ මහතා මෙම උපකරණ රැුඳවියන්ට පරිත්‍යාග ලෙස ලැබුණු බවට බන්ධනාගාර ලේඛනවල සටහන් කර ඇතත් විමර්ශනවලදී එම ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු කරගෙන තිබෙන බව ද කීවේය.

සම්පායෝ ඇතුළු සැකකරුවන් බන්ධනාගාරගත රැඳවියන්ට පහසුකම් සලසා අයථා ලෙස මුදල් හෝ දේපළ සතු කරගෙන තිබේ ද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බවත් එවැනි දේපළ හෝ මුදල් සොයා ගැනීමක් සිදු කළහොත් ඒවා රාජසන්තක කිරීම සඳහා මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරන බව ද සේනාරත්න මහතා අවධාරණය කර සිටියේය. මේ වනවිට මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ පාතාල රැුඳවියන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවට තහවුරු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

සම්පායෝ අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වීමට හේතුව ඔහුට යම්කිසි දේශපාලනඥයෙක් ආරක්ෂාව සපයා ඇති බවට චෝදනා එල්ල වුවත් මේ වන තෙක් එවැනි හෙළිවීමක් නොමැති බවත් සිදුකරන විමර්ශනවලදී එවැනි හෙළිවීමක් සිදුවුවහොත් කුමන තරාතිරමක අයකු වුවත් ඔහුට විරුද්ධව නීතිය කි‍්‍රයා කරන බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

සම්පායෝ අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ සම්පායෝ පාසල් මිතුරන් බවත් ඒ හිතවත්කම මත ඔහු අත්අඩංගුවට ගත්තේ දැයි මාධ්‍යවේදියෙක් විමසීය. එයට පිළිතුරු දෙමින් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ ස්ථානාධිපතිවරයාගේ පාසල් මිතුරකු ලෙස සම්පායෝ සැලකුවත් ඔහු අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ බුද්ධි මෙහෙයුම් පිළිබඳව ඉදිරි විමර්ශන නිසා මාධ්‍යට හෙළි කළ නොහැකි තොරතුරු තිබෙන බවයි.

චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles