Divaina - නිරෝධායන මධ්‍යස්ථානවල අයට ඡන්දය දීමට ඉඩක් නෑ - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 2නිරෝධායන මධ්‍යස්ථානවල ඡුන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට අවකාශ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අනිල් ජාසිංහ මහතා පැවසීය.

එම නිසා එම මධ්‍යස්ථානවල සිටින පිරිසට ඡුන්දය ප‍්‍රකාශ කිරීමටද අවස්ථාවක් හිමි නොවන බවත් නීතිපතිවරයාද ඊට අදාළ නිර්දේශ ලබාදී ඇති බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අනිල් ජාසිංහ මහතා කීය.

එහෙත් කොවිඞ් 19 ආසාදනය වී සුවය ලබා නිවෙස්වලට ගොස් තවත් දින 14 ක් රැුඳී සිටින අයට හා නිවෙස්වල ස්වයං නිරෝධායනය වී දින 14 ක් පසුවූ පිරිසට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඉඩ ලබාදෙන බව ජාසිංහ මහතා පැවසීය.

ඔවුන්ට හවස 4 න් පසුව සිය පවුලේ උදවිය සමග පෞද්ගලික ප‍්‍රවාහන මාධ්‍යයක් භාවිත කරමින් අදාළ ඡුන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡුන්ද ප‍්‍රකාශ කර වහා නිවෙස් වෙත යාමට ඉඩ ලබාදෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිසට වෙනම ඡුන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට නීතියෙන් ඉඩ නොමැති බවත් එම නිසා කලින් බලාපොරොත්තු වූ ආකාරයට ඔවුනට ඡුන්දය ලබාදීමට අවස්ථාවක් නොමැති බවත් කියා සිටියේය.

රනිල් ධර්මසේන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles