Divaina - මැතිවරණ නීති කඩ කළ අපේක්‍ෂකයන් 7 ක් ඇතුළු 440 ක් පොලිස් දැලේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 10මහ මැතිවරණ නීති කඩ කිරීමට අදාළව ඊයේ (03 දා) පෙරවරු 6.00 වන විට අපේක්‍ෂකයන් 07 දෙනකු සමග පුද්ගලයන් 440 දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පෙරේදා (02 දා) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වීමෙන් පසු ඊයේ සවස 6.00 සිට පොලිස් ජංගම සංචාර  ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
 පෙරේදා මධ්‍යම රාත‍්‍රියෙන් මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු අවසන් වීමෙන් පසු ඊයේ පෙරවරු 6.00 වනවිට අපරාධ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනකු සහ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව ද ඒ මහතා කීවේය.
 
 මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඊට අදාළව අපරාධ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් 93 දෙනකු සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 357 දෙනකු සමග වාහන 124 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
 
 අත්අඩංගුවට ගත් වාහන අතර රජයේ වාහන 03 ක් ද පවතින බව කී ඒ මහතා අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන අධිකරණවලට ඉදිරිපත් කර නීතිමය කටයුතු කිරීමට අදාළ පොලිස් ස්ථාන මඟින් සිදුකරන බව ද පැවසීය.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles