Divaina - අංගොඩ ලොක්කා ඝාතනය ඉන්දීය මාධ්‍ය තහවුරු කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 9මිනීමැරුම්, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ මෙරට පාතාලයේ දරුණුතම අපරාධකරුවකු බව කියන අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේදී මියගොස් ඇති බවට ඉන්දීය මාධ්‍ය තහවුරු කර ඇත. 04 - පිිටුවට

ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත මේ බව තහවුරු කර ඇති අතර මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකික දෙමළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවද එම පුවත්පත විසින් පළකර තිබේ.

අංගොඩ ලොක්කා අභිරහස් අන්දමින් ඝාතනය කළ බවට වූ ප‍්‍රවෘත්තිය ශ‍්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පසුගියදා පළකර තිබූ අතර එම ප‍්‍රවෘත්තිය අසත්‍යයක් බවට ඔප්පු කිරීමට ඇතැම් විද්‍යුත් මාධ්‍ය දැඩි උත්සාහයක නිරත විය.

අංගොඩ ලොක්කා ඝාතනය කර තිබුණේ ඔහුගේ අනියම් බිරිඳ විසින් බවට මෙම ප‍්‍රවෘත්තිය මගින් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළකර තිබිණි. ඉන්දීය පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින්නේ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාව බවද ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත සිය ප‍්‍රවෘත්තියේ සඳහන් කර ඇත.

මෙරට බුද්ධි අංශ සිදු කළ විමර්ශනවලදී හෙළිවූ තොරතුරුවලට අනුව අංගොඩ ලොක්කා ඝාතනය කර ඇත්තේ ශරීර අභ්‍යාස ව්‍යායාම් කිරීමේදී පාවිච්චි කරන ශරීර උත්තේජක අධිමාත‍්‍රාවක් පානය කිරීමට ලබා දීමෙන්ය.

මෙම ශරීර උත්තේජක අධිමාත‍්‍රාවක් පානය කිරීමෙන් හටගත් හදිසි ආබාධිත තත්ත්වයකින් අංගොඩ ලොක්කා මරණයට පත්වී ඇති බව බුද්ධි අංශ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

බුද්ධි අංශ සැකපහළ කරන්නේ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ කාලයක් තිස්සේ පැවති වෛරයක් පිරිමසා ගැනීමට ඔහුට මෙම ශරීර උත්තේජක පානයට අධිමාත‍්‍රාවක් ලබාදී එය පානය කිරීමට ඉඩ සලස්වා ඔහු මරණයට පත් කර ඇති බවයි.

පාතාල නායක රණාලේ සමයා ඇතුළු හත්දෙනකු කළුතර දී බන්ධනාගාර බස් රථයක යමින් සිටියදී ඝාතනය කර තිබුණේ ඉකුත් 2017 වර්ෂයේදීය. මෙම ප‍්‍රහාරයට නායකත්වය දී තිබුණේ අංගොඩ ලොක්කා විසින්ය.

මෙම ප‍්‍රහාරයෙන් පසු පොලිසිය අංගොඩ ලොක්කා ලූහුබඳිද්දී ඔහු බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවේ තමිල්නාඩු කොයිම්බතූර් ප‍්‍රදේශයට පලා ගොස් සැ`ගවී සිටියේය. මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ආර්. ප‍්‍රදීප් සිං යන නමින් කොයිම්බතූර් ප‍්‍රදේශයේ වසර තුනකට ආසන්න කාලයක් ජීවත් වී ඇත.

අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ බව කියන අමානි දනන්ජි නමැති 27 හැවිරිදි කාන්තාව ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. ඇගේ පියා ඉන්දීය ජාතිකයකු වන අතර ඇය නිතර ඉන්දියාවට යන එන කාන්තාවකි.

අමානි දනන්ජි නමැති මෙම කාන්තාව සහ අංගොඩ ලොක්කා කොයිම්බතූර් ප‍්‍රදේශයේ නිවසක ජීවත්වී ඇති අතර ඔවුන්ට රැුකවරණය ලබාදී ඇත්තේ 32 හැවිරිදි දිනේවරන් සහ 37 හැවිරිදි සිවගම සුන්දරි නමැති කාන්තාවන් විසින්ය.

අංගොඩ ලොක්කාගේ හදිසි මරණයෙන් පසු ඉන්දීය පොලිසිය මගින් ඔහුගේ අනියම් බිරිඳ වන අමානි දනන්ජි, දිනේවරන් සහ සිවගම සුන්දරි යන අය අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන්දීය මාධ්‍ය පවසන අන්දමට අංගොඩ ලොක්කාගේ මරණය සිදු වී ඇත්තේ ඉකුත් ජුලි මස 03 වැනිදා කොයිම්බතූර් නගරයේ පිහිටි නිවසේදීය.

අංගොඩ ලොක්කා සිය නිවසේ වැටී සිටි බව කියමින් ඔහු රෝහල්ගත කර ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ බව කියන අමානි දනන්ජි නමැති කාන්තාව විසින්ය.

රෝහල්ගත කරද්දීත් අංගොඩ ලොක්කා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසා ඇත. අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසු ඔහුගේ දේහය හදිසි මරණ පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කර පසුව ඔහුගේ ආදාහන කටයුතු සිදුකර ඇත්තේද ආර්. ප‍්‍රදීප් සිං නමැති ව්‍යාජ නම පාවිච්චි කරමින්ය.

අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ ඇතුළු තිදෙනා ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ නමකින් ඔහුගේ දේහය ආදාහනය කිරීම මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කිරීම සහ ඔහුට රැුකවරණය ලබාදීම සම්බන්ධයෙන්ය.

මෙරට බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනවලට අනුව සැක පහළ කර ඇත්තේ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ බව කියන අමානි දනන්ජි නමැති සුරූපී කාන්තාව තම සැමියාගේ ඝාතනය සම්බන්ධයෙන් වෛරය පිරිමසා ගැනීමට මෙම මරණය සිදුකර ඇති බවයි.

පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන අන්දමට අමානි දනන්ජි නමැති කාන්තාව මීට වසර තුනකට පමණ උඩදී අංගොඩ නගරයේදී ඝාතනයට ලක්වූ රත්තරං නමැති ව්‍යාපාරිකයාගේ බිරිඳය.

රත්තරන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ රණාලේ සමයාගේ කල්ලියේ ප‍්‍රබලයකු වන ගොත අසංක සහ තවත් පුද්ගලයකු විසින් බව අනාවරණය වී තිබිණි.

රත්තරං අංගොඩ ලොක්කාගේ සමීපතම මිතුරකු වන අතර ඔවුන් දීර්ඝ කාලයක සිට එකට ව්‍යාපාර කටයුතු කරමින් සමීපව ජීවත්වී ඇති බව බුද්ධි අංශ පවසයි.

රත්තරංගේ බිරිඳ වූ අමානි දන්නජි ඉන්දීය සම්භවයක් ඇති සුරූපී කාන්තාවකි. කාන්තා ඇසුරට දැඩි ලොල්කමක් දැක්වූ අංගොඩ ලොක්කාට තම මිතුරා වූ රත්තරංගේ බිරිඳ පිළිබඳ සිතක් පහළවී ඇත.

රත්තරං නමැත්තා අංගොඩදී ඝාතනය වන්නේ මේ අතරතුරදීය. මෙම ඝාතනය රණාලේ සමයා විසින් සිදු කළ බව හෙළිකරගත් පොලිසිය ඒ සම්බන්ධයෙන් සමයාගේ ගෝලයන් දෙදෙනෙකු වන ගොත අසංක සහ තවත් අයකු අත්අඩංගුවට ගන්නා ලදී.

රත්තරං ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ සුරූපී බිරිඳ ඉන්දියාවට ගෙන්වා ගැනීමට අංගොඩ ලොක්කා කටයුතු කර තිබුණේ මිතුරාගේ බිරිඳට ආරක්‍ෂාව ලබාදීමට යැයි කියමිනි. පසුව අංගොඩ ලොක්කා රත්තරංගේ බිරිඳ සිය අනියම් පෙම්වතිය ලෙස තබාගෙන සිට ඇත.

රත්තරං ඝාතනයට ලක්වී ටික කාලයකට පසු මෙම ඝාතනයේ සත්‍ය තොරතුරු ඔහුගේ බිරිඳ වූ අමානි දනන්ජි දැනගෙන තිබේ.

රත්තරං ඝාතනය කර ඇත්තේ රණාලේ සමයාගේ උවමනාවට නොව අංගොඩ ලොක්කාගේ අවශ්‍යතාවට බව ඒ වන විට හෙළිදරව්වී තිබිණි.

රත්තරංගේ බිරිඳ තම අනියම් බිරිඳ ලෙස තබා ගැනීමේ අවශ්‍යතාව මත අංගොඩ ලොක්කා ඉතාම සූක්‍ෂ්ම ආකාරයට මෙම ඝාතනය මෙහෙයවා ඇති බව අනාවරණය විය.

මෙම ඝාතනය රණාලේ සමයා ගේ ගිණුමට බැරවීමට ඔහුගේ ගෝලයකු වන ගොත අසංක විශාල මුදලකට මෙම ඝාතනය සඳහා යෙදවීමට කටයුතු කර තිබුණේ ද අංගොඩ ලොක්කා විසින්ම බවද හෙළි වී තිබිණි.

රත්තරංගේ බිරිඳ වන අමානි දනන්ජි තම සැමියාගේ මරණය අංගොඩ ලොක්කා විසින් මෙහෙයවූ බව දැනගැනීමෙන් පසු ඔහු කෙරෙහි විශාල වෛරයකින් පසු වී ඇති බව බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි.

තම සැමියාගේ මරණයට පළි ගැනීම සඳහා ඇය විසින් අංගොඩ ලොක්කාට ශරීර උත්තේජක පානයට අධිමාත‍්‍රාවක් ලබාදී ඔහුගේ මරණය සිදු කරන්නට ඇති බවට බුද්ධි අංශ සැක පහළ කරයි.

කෙසේ වෙතත් මෙම මරණයට තමන් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට මීට දින කීපයකට උඩදී විද්‍යුත් මාධ්‍යයක් වෙත වීඩියෝ පටයක් එවමින් දැනුම් දීමට අමානි දනන්ජි කටයුතු කර තිබුණේය.

හේමන්ත රන්දුණු
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles