Divaina - අනතුරෙන් පසු ශ‍්‍රී රංගාට රියැදුරු මාරුකරන්න ඉඩදෙන්න එපා කියා පොලිස්පති මහින්ද දැන්වූවා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 2011 මාර්තු 30 වන දින රිය අනතුරකට ලක්වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. ශ‍්‍රී රංගා මහතා ගමන් ගත් වාහනය පැදවූ රියැදුරු වෙනුවට වෙනත් පුද්ගලයකු රියැදුරු ලෙස ඉදිරිපත් කිරීමට යන බවත් එසේ වීමට ඉඩ නොදෙන ලෙසත් එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා තමාට දුරකථනයෙන් අමතා දැනුම් දුන් බවත් විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පසුගිය රජයේ දේශපාලන පළිගැනීම් පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31 දා* පැවසීය.
 
 එහෙත් එම අනතුරට ලක්වූ වාහනය පැදවූයේ පී. යූ. ජේ. පුෂ්පකුමාර නම් පොලිස් සැරයන්වරයකු බවද ඔහු එම රිය අනතුරින් මරණයට පත්වූ බවද සාක්ෂිකරු කීවේය.
 
 එම අනතුරට ලක්වූ වාහනය ලියාපදිංචි වාහනයක් නොවූ බව ද කොමිසම හමුවේ අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
 
 මෙම කොමිසම ඊයේ (31* උදේ 11.00 ට එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ් ප‍්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයන් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍ර ජයරත්න සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහාභාගිත්වයෙන් රැුස්විය.
 
 එම අනතුරට ලක්වූ වාහන පැදවූ රියැදුරා ලෙස පද්මපාල නම් පුද්ගලයෙක් ඉදිරිපත්වූ බවත් තමා ඔහු සමග සාකච්ඡුා කිරීමේදී තමා එම වාහනය පැදවූ රියැදුරා නොව පසු පස අසුනේ ගමන් ගත් අයෙක් බවත් ප‍්‍රකාශ කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය.
 
 මෙම පද්මපාල නම් පුද්ගලයා රියැදුරු ලෙස ඉදිරිපත් වූයේ ඇයිද කියා තමා විමසුවත් ඔහුගෙන් නිසි පිළිතුරුක් නොලැබුණු බව ද ඔහු කලබලයෙන් මෙන් සිටි බවද සාක්ෂිකරු කොමිසමට කියා සිටියේය.
 
 අනතුරින් මරණයට පත්වූ වාහනය පැදවූ පොලිස් සැරයන් පුෂ්පකුමාරට රියැදුරු බලපත‍්‍රයක් තිබූ බව පසුව අනාවරණය වූ බවද සාක්ෂිකරු කීවේය.
 
 ‘රියැදුරු ලෙස පිටස්තර පුද්ගලයකු ඉදිරිපත් වෙන්න හදනව. ඒක වෙන්න බෑ’ යනුවෙන් එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් තමාට දුරකථනයෙන් අමතා දැනුම් දුන් බව ද සාක්ෂකරු කොමිසමේ සභාපතිවරයා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
 
 මෙම පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විමසීම තම සේවාදායකයාගෙන් උපදෙස් ලබාගෙන සිදුකරන බව සාක්ෂි විභාගය මෙහෙයවූ නීතිඥ දක්ෂිත ශ‍්‍රී දේවපුර මහතා කීවේය.

  

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles