Divaina - අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සහ සාක්‍ෂි වසන් කිරීම ශානි අත්අඩංගුවට... කුකුළුකොටුවේ ආයුධ ගැන අලූත් කතාවත් එළියට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

හේමන්ත රන්දුණු, සමන් ගමගේ සහ මිනුවන්ගොඩ ටෝනී කරුණානායක,ඡුායාරූපය - කමල් බෝගොඩ

sani135අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අසත්‍ය තොරතුරු වාර්තා කිරීම, සාක්‍ෂි වසන් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (31දා* අත්අඩංගුවට ගන්නා ලදි.

මොහොමඞ් ෂියාම් නමැති අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අයත් බව කියමින් ටී 56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගත් බවට අසත්‍ය තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර සාක්‍ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා වෙත චෝදනා එල්ලවී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ අධිකරණය වෙත කරුණු වාර්තා කර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයා අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 8.00 ට පමණ ඇල්විටිගල පිහිටි ශානි අබේසේකර මහතාගේ නිවසට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ මහතා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැුගෙන ගොස් ප‍්‍රකාශ සටහන් කර ගත්හ.

පසුව ඊයේ සවස ගම්පහ අධිකරණය වෙත සැකකාර ශානි අබේසේකර රැුගෙන ගිය අතර අසත්‍ය තොරතුරු වාර්තා කිරීම, සාක්‍ෂි වසන් කිරීම, අධිකරණය නොමග යැවීම යන චෝදනා යටතේ මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබිණි.

රක්‍ෂිත බන්ධනාගාර ගත කළ ශානි අබේසේකර බන්ධනාගාර නිලධාරීන් විශේෂ ආරක්‍ෂාවක් යටතේ බන්ධනාගාරය වෙත රැුගෙන යන ලදී.

මොහොමඞ් ෂියාම් නමැති මුස්ලිම් තරුණයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉකුත් 2013 වර්ෂයේදී මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධන මහතා යටතේ රාජකාරි කරමින් සිටි පොලිස් පරීක්‍ෂකයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රැුඳවුම් නියෝග යටතේ තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන ලදී.

එම සැකකාර නිලධාරියාගෙන් ලද තොරතුරකට අනුව යැයි කියමින් කළගෙඩිහේන ප‍්‍රදේශයේ නිවසක කුකුළු කොටුවක් පරීක්‍ෂා කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සහකාර පොලිස් අධිකාරිවරයකු වූ ශානි අබේසේකර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. එස්. තිසේරා පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා (ස්විට්සර්ලන්තයට පලා ගිය* ඇතුළු නිලධාරීහු පිරිසක් එහි තිබී ගිනි අවි තොගයක් අත්අඩංගුවට ගත්හ.

එම අවි ආයුධ තොගය වාස් ගුණවර්ධන මහතා විවිධ අපරාධ සඳහා යොදාගත් බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත කරුණු වාර්තා කර තිබිණි.

එම ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාව මත වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ, පුත‍්‍රයා, ඥාති පුත‍්‍රයකු ඇතුළු 8 දෙනෙක් ද එවකට අත්අඩංගුවට ගනු ලැබූහ.

කළගෙඩිහේනේ කුකුළු කෙටුවේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී 56 ගිනි අවි 6 ක්, පිස්තෝල 2 ක්, පතරොම් තුවක්කු 4 ක් ජීව උණ්ඩ තොගයක් ඇතුළු තවත් අවි ආයුධ රැුසක් තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම අවි ආයුධ යොදාගෙන තවත් මිනීමැරුම් ඇතුළු අපරාධ රැුසක් සිදු කර ඇති බවට සැක පහළ කරන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වාගෙන යන බවත් ය.

වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු යහපාලන රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ප‍්‍රශ්න ගත විමර්ශන කීපයක් නැවත විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

ඒ අනුව වාස් ගුණවර්ධන මහතාට අයත්ව තිබූ බව කියමින් අත්අඩංගුවට ගත් මෙම අවි ආයුධ තොගය පිළිබඳව විමර්ශන කටයුතු නැවත ආරම්භකර තිබිණි.

එහිදී මෙම අවි ආයුධ තොගය සඟවා තිබූ බව කියන කළගෙඩිහේනේ පිහිටි නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳ සහ තවත් පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ගම්පහ අධිකරණය හමුවේ නැවත සාක්‍ෂි ලබා දෙමින් මෙම සිද්ධියේ සත්‍ය තොරතුරු හෙළි කළහ.

ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර, බී. එස්. තිසේරා , පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් වාහනයකින් තම නිවස වෙත පැමිණ කුකුළු කොටුවට අවි ආයුධ තොගයක් රැුගෙන ගොස් ඒවා සඟවා තබා එම ආයුධ ඡුායාරූප ගත කළ බවයි. පසුව එම අවි ආයුධ කුකුළු කොටුවේ සඟවා තබා තිබූ බව කියමින් ඒවා අත්අඩංගුවට ගෙන තමා හා තම බිරිඳ ඇතුළු අටදෙනකු ද අත්අඩංගුවට ගත් බව නිවෙස් හිමියා අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙමින් හෙළි කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර මෙම සිද්ධියට අදාළව විශාල පිිරිසකගෙන් ප‍්‍රශ්න කර කටඋත්තර ද ලබාගෙන තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් පිරිසක් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles