Divaina - මෛත‍්‍රී පිළිගන්න සැරසිලි කළ අයකුට වෙඩි තබා ඝාතනය කිරීම... පේ‍්‍රමලාල් එල්ලූම් ගස්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

තවත් දෙදෙනෙක් පෝරකයට


රත්නපුර විශේෂ - තිලකසිරි දෑල බණ්ඩාර

prama2015 වසරේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු වූ මෛති‍්‍රපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා කහවත්ත නගරයේ වේදිකාවක් ඉදිකරමින් සිටි එජාප පාක්‍ෂිකයන්ගෙන් අයකු වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා තුවාල සිදුකර මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි හිටපු ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කුරුවිට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වා යන අයට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඊයේ (31 දා* මරණ දඬුවම නියම කළේය.

මිනී මැරීමේ චෝදනාවට සහ වෙඩිතබා තුවාල සිදුකිරීම ඇතුළු තවත් චෝදනා 4 කට වැරදිකරුවන් වූ එම තිදෙනාට සෙසු චෝදනා හතර සඳහා වසර 43 යි මාස 6 ක සිර දඬුවමක් ද එක් එක් විත්තිකරුවකුට රුපියල් හතළිස් දහස බැගින් දඩ ද ඊට අමතරව මියගිය පුද්ගලයාගේ බිරිඳට එක් එක් විත්තිකරු රුපියල් ලක්‍ෂ 2 බැගින් වන්දියක් ගෙවිය යුතු ලෙසට ද අධිකරණයෙන් නියම කෙරිණි. ඊට අමතරව වෙඩි තැබීම නිසා තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාට සෑම විත්තිකරුවකුම ලක්‍ෂය බැගින් වන්දි ගෙවිය යුතු බවට ද නියෝග කරන ලදී.

2015 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකු වූ මෛති‍්‍රපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා 2015.01.04 වැනිදා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් විසින් කහවත්තේ ඉදිකරමින් තිබූ වේදිකාවකට අනර්ථය සිදුකිරීමේ සහ සැරසිලි කඩා දැමීමේ පොදු අරමුණ ඇතිව නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිට වෙඩිතබා ශාන්ත දොඩම්ගොඩ යන අය මරා දමා වීරසිංහගේ කරුණාදාස සහ මොහොමඞ් ඉල්ෆාන් යන පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා තුවාල සිදුකර මිනී මැරීමට තැත් කිරීම මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඟා තිබූ අධි චෝදනා විය. විත්තිකරුවන් එම චෝදනාවලට නිවැරදිකරුවන් බව පවසන ලදුව දීර්ඝව නඩුව විමසනු ලැබිණි.

‘‘1, 2, 3 යන විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කරමි’’ යනුවෙන් විනිසුරු රොහාන් ජයවර්ධන මහතා සිය තීන්දුව දෙමින් සඳහන් කළේය. නීති විරෝධී ගිනි අවි රැුගත් පුද්ගලයන් සමඟ එක්ව 3 වැනි විත්තිකරු සුදු පාට ජීප් රියක සිට කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකර ඇති බවත්, නීති විරෝධී පොදු රැුස්වීමකට ඔහු නායකත්වය දෙමින් විරුද්ධ දේශපාලන පක්‍ෂයක ප‍්‍රචාරක දැන්වීම්වලට, පුවරු හා කටවුට්වලට අලාභ කරමින් එම වරද සිදුකරන අවස්ථාවේ විත්තිකරුවන් එකී නීති විරෝධී රැුස්වීමක සිටිමින් මරණය සිදුකළ බවත්, දෙදෙනකුට තුවාල සිදුකළ බවත් විනිසුරුවරයා පැවසුවේය. එසේම විත්තිකරුවන් චේතනාත්මක දැනුම ඇතිව එම වැරදි සිදුකර ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළේය. නීති විරෝධී රැුස්වීමක එක් සාමාජිකයකු කරන සිද්ධියක වගකීම අනිත් සාමාජිකයන්ව ද සාපරාධී ක‍්‍රියාවට හසුවන්නක් බව ද 3 වැනි විත්තිකරු නීති විරෝධී ගිනි අවි දරාගත් පිරිසකට නායකත්වය දී සාමකාමී ලෙස සැරසිලි කරමින් සිටි පිරිසකට කලබලයක් ඇති නොකළ යුතු බවට පළපුරුදු දේශපාලනඥයකු දැන සිටිය යුතු බව ද විනිසුරු අවසානයේ සඳහන් කළේය.

පැමිණිල්ලේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහනක් කරමින් මෙම නඩු තීන්දුව දෛවයේ සරදමක් බවත්, මීට වසර 5 කට පෙර හිටපු ජනාධිපති අපේක්‍ෂක මෛති‍්‍රපාල සිරිසේන මහතා පිළිගැනීමට සැරසිලි කරමින් තිබූ කහවත්තේ එම වේදිකාව තිබූ ස්ථානයේම අද (31 දා* මෙම 3 වැනි විත්තිකරු පේ‍්‍රමලාල් ජයසේකර පිළිගැනීම සඳහා වේදිකාවක් මේ වන විටත් සරසමින් තිබෙන බවත් කීය. මොන පාටක් තිබුණත් තමන් කැමති දේශපාලනයක් කිරීමට මේ රටේ නිදහස තිබෙන බවත්, එහෙම කරන අයට වෙඩි තැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තියන වෙඩිල්ලක් බවත් හෙතෙම සඳහන් කළේය.

රජයේ අධිනීතිඥ රංධිකා රාජපක්‍ෂ මහත්මිය සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ. නීතිඥ යසින්ත කපුවැල්ල මහතා සමඟ ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා ද 1 වැනි විත්තිකරු වෙනුවෙන්ද. 2 වැනි විත්තිකරුට නීතිඥ හර්ෂණ විජේනායක මහතා සමඟ ජනාධිපති නීතිඥ යූ ආර්. ද සිල්වා මහතා ද 3 වැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ද පෙනී සිටියහ.

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles