අනුරාධ හිරිපිටියගේ
තමා පිළිබඳව අපහාසාත්මක සහ සාවi තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා ඊයේ (31 දා* අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.
තමා විසින් නොකරන ලද ප්‍රකාශ තමාගේ ප්‍රකාශ ලෙස ඒත්තු ගන්වමින් මෙසේ අන්තර්ජාලයේ ප්‍රචාරය කර ඇති බවත්, ඇතැම් ප්‍රකාශ චේතනාත්මකව විකෘති කරමින් සංස්කරණය කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන්ය.
අපහාසාත්මක ඡුායාරූප හා අදහස් විකෘති කළ වීඩියෝ පට මගින් චේතනාත්මකව සිය කීර්තිනාමයට අපහාසයක් සිදුකර ඇති බවත්, එම අසත්‍ය ලේඛන අපහාසාත්මක ඡුායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයේ බෙදා හැරෙමින් (ශෙයා වෙමින්* තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන්ය.
මේ නිසා එළඹෙන මහ මැතිවරණයේදී ඡුන්දදායකයන් නොමඟ යන බව එහි සඳහන්ය.
තමන්ට අපහාස කරන්නන්ගේ ෆේස් බුක් ගිණුම් කීපයක නම් ද ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
ඔවුන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ සහ 2007 අංක 27 දරන පරිගණක විධිවිධාන පනත යටතේ කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ගම්මන්පිල මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.