Divaina - මහ මැතිවරණය 2020... 2/3 ක විශිෂ්ට ජය පොහොට්ටුවටයි... වැටුණු රට කෙළින් කරන්න පුළුවන් එජාපයටයි... ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජනබලවේගයයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

2/3 ක විශිෂ්ට ජය පොහොට්ටුවටයි අගමැති මහින්ද දිවයිනට කියයි

නෝමන් පලිහවඩන

mahi136අපට අභූත චෝදනා මඩ ප‍්‍රහාර එල්ල කළත් රටේ බුද්ධිමත් ජනතාව ඒ කිසි දෙයක් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. මෙවර මහ මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිතව අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක්  ලබාගන්නවා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ (31 වැනිදා* පැවසීය.

යහපාලන ආණ්ඩුව සමයේ ශී‍්‍ර ලංකාවේ මත්කුඩු ජාවාරම් මෙන්ම පාතාලය කි‍්‍රයාත්මක වූ බව කී මහින්ද රාජපක්‍ෂ මහතා තම පක්‍ෂය රට පාලනය කළ සමයේ රටින් පැනගිය පාතාල සාමාජිකයෝ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ යළි ශී‍්‍ර ලංකාවට පැමිණි බවද සඳහන් කළේය.

මේ රටේ විවිධ ක්‍ෂේත‍්‍රවල පසුවෙන පුද්ගලයන් රැුසක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ වටා රොක්වී සිටින බවත් රටේ ජනපි‍්‍රය කලා ශිල්පීන් විශාල පිරිසක් දැනටමත් පොදුජන පෙරමුණ සමග එක්වී සිටින බවත් අගමැතිවරයා කීවේය.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනපි‍්‍රයතාව නිසා විපක්‍ෂයේ බොහෝ දෙනකු තම පක්‍ෂයට එරෙහිව මඩ මෙන්ම බොරු ප‍්‍රචාරයන් සිදු කරන බව ද කී ඒ මහතා ඒවා මේ රටේ බුද්ධිමත් ජනතාව පිළිනොගන්නා බවද සඳහන් කළේය.


-----------------------------------

වැටුණු රට කෙළින් කරන්න පුළුවන් එජාපයටයි රනිල් දිවයිනට කියයි

අකිත පෙරේරා

rani140වැටී තිබෙන ආර්ථිකය නැවත න`ගා සිටුවා ජනතාව වෙත මුදල් ගලා එන ක‍්‍රමයක් ඇති කළ හැකි එකම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ආණ්ඩුවක් පිහිටුවන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

මෙරට ආර්ථිකය ගොඩනැ`ගීමට හැකි සහ ඒ සඳහා නිසි වැඩපිළිවෙළ ඇති පක්‍ෂය එජාපය පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

වත්මන් ජනාධිපති පත් වී මාස අටක් ගත වුවද මෙරට ජන ජීවිතය නගා සිටුවීමට හෝ ආර්ථිකය ගොඩනැ`ගීමට කිසිදු වැඩ පිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැතැයිද ජනාධිපතිවරයාට වැඩ කිරීමට නොහැකි බව මේ වනවිටත් හොඳටම ඔප්පු කර අවසන් යැයිද ඒ මහතා කීය.

මෙම ආණ්ඩුව වැඩ බැරි ෆේල් වූ ආණ්ඩුවක් වූ බැවින් මෙම මහ මැතිවරණයේදී ජනතාව නිසි තීන්දුවක් ගෙන අලූත් රජයක් පත් කරනු ඇතැයි තමන්ගේ විශ්වාසය බවද හෙතෙම පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය නැවත නගා සිටුවා ජනතාව අතට මුදල් එන මාර්ග වැඩිකර බලගතු රටක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බවද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


---------------------------------------------------------------------------------------

 

ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජනබලවේගයයි සජිත් පේ‍්‍රමදාස දිවයිනට කියයි

අකිත පෙරේරා

satjitnaසම`ගි ජන බලවේගයේ, දුරකථනය ඉදිරි ආණ්ඩුව පිහිටුවීම නියත බව එහි අගමැති අපේක්‍ෂක හිටපු විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා ‘දිවයින’ට පැවසීය.

ඉන්පසුව පොදු ජනතාව නැගිටින යුගය උදාවන බවත් සමගි ජන බලවේගයේ පාලන කාලය යනු දුකට පත් නැති බැරි ජනතාව නැවත සතුටට පත් වන යුගය බවත් හෙතෙම සඳහන් කළේය.

තම ආණ්ඩුවක් යටතේ මූලිකවම අවධානය දක්වනුයේ ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටිනු සියලූම ජනතාවට ක්‍ෂණික සහන ලබා දී න`ගාසිටුවීම බවත් ඒ අනුව ඉන්ධන මිල අඩු කිරීම, රුපියල් 20,000 ක දීමනාව ලබා දීම ජල සහ විදුලි බිල් සඳහා සහන ලබා දීම සිදු කෙරෙන බවත් ඒ මහතා කීය.

ඊට අමතරව මේ වන විට බදු බරින් මිරිකී සිටින ජනතාවට බදු සහන ලබා දීමේ වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් ඒ අනුව බදු අවම වශයෙන් අය කරනු ලබන ආණ්ඩුව ලෙස තම ආණ්ඩුව පත්වන බවත් හෙතෙම සඳහන් කළේය.

රජයේ අනවශ්‍ය වියදම් මුළුමනින්ම නතර කොට සියලූ ජාතීන්ට එක සමානව සලකන බියෙන් සහ සැකෙන් තොරව ජීවත් වීමට හැකි යුගයක් සමගි ජන බලවේගය ඇති කරන බවද සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles