Divaina - වැල්ලම්පිටියේ ගෙදරක කෝටි 25ක කුඩු

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

එස්.ඞී. අබේසිංහ -මහරගම

kudu

වැල්ලම්පිටිය බුත්ගමුව පාර බැන්ඩියාවත්ත ප‍්‍රදේශයේ දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුක්ත වූ මත්කුඩු තොගයක් සහ 3.8 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග නිවසේ තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසීය.

මෙම නිවෙසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මත්කුඩු කිලෝග‍්‍රෑම් 25කට අධික ප‍්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම නිවසේ අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් හතරදෙනකු පදිංචිව සිට ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

යුද හමුදා මූලස්ථානයේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම කළ බවත් ඉන්දියාවට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල කල්ලි නායකයකු වන ‘පූගුඩි කන්නාගේ’ විවාහක බිරිඳගේ සහෝදරියකට මෙම නිවස අයිති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයෙහි සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම් සිදුකර ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles