Divaina - 4 දා වන විටත් සම්පායෝ අත්අඩංගුවට නොගත්තොත් වැඩ බලන පොලිස්පති උසාවි ගේන්න වැඩ කරනවා.. වසර 136 ක් පැරණි නීතිපති දෙපාර්තමේන්තුව පළමු වරට මාධ්‍ය සාකච්ඡාවක්‌ තියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

සම්පායෝ අත්අඩංගුවට නොගන්නා පොලිස් නිලධාරීන්ට  තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරනවා

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
 
  
 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
delepaදූෂිත බන්ධනාගාර නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් නීතිය හමුවට ගෙනැවිත් නීතියේ ආධිපත්‍ය සුරැුකීමට නීතිපතිවරයා ප‍්‍රමුඛ තම දෙපාර්තමේන්තු නිලධාරීන් දරන උත්සාහයට අවංකව සහය දෙන පොලිස් නිලධාරීන් සමග සුහදව කටයුතු කිරීමට සූදානම් බවත් නීතිය අභිබවා යෑමට උත්සාහ දරන අපරාධකරුවන් සහය දෙන රාජ්‍ය නිලධාරීන්ගේ සැබෑ පැටිකිරිය දිගහැර ඔවුන් අධිකරණය හමුවේදී නිරුවත් කිරීමට වුවද තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (31 දා* පස්වරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
 
 විෂමාචාර කි‍්‍රයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ නමැත්තා අත්අඩංගුවට නොගෙන සිටින පොලිස් නිලධාරීන් සියලූ දෙනාට තරාතිරම නොබලා ඉදිරියේදී නීතිය කි‍්‍රයාත්මක කරන බවත් එවැනි දූෂිත කි‍්‍රයාවලට හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කළ පොලිස් නිලධාරීන් සියලූ දෙනා නීතියේ රැුහැනට හසුකර ගන්නා තෙක් කිසිදු ආකාරයකින් විමර්ශන අඩපණවීමට ඉඩ නොතබන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප‍්‍රකාශ කළේය.
 
 වසර 136 ක් වැනි දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තම දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වරට මෙවැනි මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දක්වනුයේ බන්ධනාගාරය තුළ සිදුවී ඇති රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ විෂමාචාර කි‍්‍රයා සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබූ අනුරුද්ධ සම්පායෝ නමැත්තා ඇතුළු සැකකරුවන් සිවුදෙනාව මේ දක්වා අත්අඩංගුවට නොගැනීමට අදාළව කරුණු දැක්වීමට වන්නේ යැයි නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා පැවසීය. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ දක්වා අධිකරණයට භාරවී නොමැති වරෙන්තුකරුවකු වන අනුරුද්ධ සම්පායෝ නමැත්තා ලබන 4 වැනිදා වන විට අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා සිය නිලධාරීන් මෙහෙයවා මග පෙන්වීමක් නොකරන්නේ නම් ඔහුව පෞද්ගලිකව අධිකරණයට කැඳවා ඔහු වෙත පැවරී ඇති රාජකාරිය ඉටුනොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසන ලෙසට තමා නැවතත් අධිකරණයෙන් ඉල්ලා සිටින බව කීවේය. රටේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම විය යුත්තේ අපරාධකරුවන්ට සිය රාජකාරි බලතල අනීතික ලෙස යොදා ගනිමින් ඔවුන්ගේ දූෂිත කි‍්‍රයාවලට හා මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අපරාධවලට සහය දීම නොවනා බවත් එහිදී පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය මගහැර සිටින එවැනි වරෙන්තුකරුවන්ගේ දේපළ තහනමට ලක්කිරීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේදී ගන්නා බවද කීවේය. කුමන බාධක පැමිණියත් කුමන විවේචන එල්ල වුවත් එවැනි ¥ෂිත නිලධාරීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන ආපස්සට හැරවීමට නීතිපතිවරයා ඉඩ නොදෙන බවත් එවැනි අපරාධ සම්බන්ධයෙන් සියලූම දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවන තෙක්ම විමර්ශන අඛණ්ඩව සිදුනරන බවත් මාධ්‍යයට කීවේය.
 
 එකී වැරදිවලට සම්බන්ධ පහළ නිලධාරීන් හා ඉහළ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ යම්කිසි දේශපාලන බලපෑමක් නිසා දැයි මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවට එවැනි බලපෑමක් කිසිදු අංශයකින් එල්ල වී නොමැති බවත් කවුරුන් කැමති වුවත් අකමැති වුවත් රටේ අනාගත පරපුර විනාශයට ඇද දමමින් රට විනාශ කිරීමට මගපෙන්වන එවැනි වැරදි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසාන සැකකරු ග‍්‍රහණයට ගන්නා තෙක්ම ඉදිරියට ගෙන යෑමට විමර්ශන නිලධාරීන් මෙහෙයවන බවත් ප‍්‍රකාශ කළේය.
 
 අදාළ නිලධාරීන්ට මගපෙන්විය යුතු ඉහළ නිලධාරීන් එවැනි වැරදි නොදැක්කා සේ ඉවත බලාගෙන සිටියාද එලෙස නම් ඔවුන් එවැනි පිරිසගෙන් අයුතු ප‍්‍රතිලාභ ගත්තා දැයි කියා විමර්ශන කළ යුතුව ඇතැයි ද එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තමන් වෙත පැවරී ඇති රාජකාරිය කොන්ද කෙළින් තබාගෙන ඉටුකරන ලෙසට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් මත තමන් ඇතුළු සියලූ නිලධාරීන් කටයුතු කරන්නේ යැයි ද ප‍්‍රකාශ කළේය.
 
 තමන් වැඩ බලන පොලිස්පතිවරයා පෞද්ගලිකව කැඳවා වරෙන්තු නියෝග කි‍්‍රයාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසන ලෙසට මීගමුව මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ එම නිලධාරියා සමග ඇති පෞද්ගලික අමනාපයක් නිසා නොව ඔහු වෙත පැවරී ඇති රාජකාරිය නිසි ලෙස ඉටුකිරීමට එනම් පොලිස්පතිවරයා ලෙස සෙසු නිලධාරීන්ට එකී වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට නිසි මගපෙන්වීමක් ලබාදී නොමැති බව හැඟීයාම නිසා වන්නේ යැයි ද කීවේය.
 
 සෑම රාජ්‍ය නිලධාරියකු සමගම සුහදව කටයුතු කරමින් නීතිය සැමට එක ලෙස ඉටුකිරීමට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට තම දෙපාර්තමේන්තුව සෑම විටම සූදානම් බවද එහිදී මාධ්‍ය හමුවේ පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අඳුරට සාප නොකර එක් පහනක් හෝ දැල්වීමට එක්වන ලෙස තමන් සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින බවද කීවේය.
 
 දූෂිත කි‍්‍රයා අනාවරණය කරමින් මාධ්‍ය මගින් සිදුකරන මෙහෙවර එහිදී ඇගයීමට ලක් කළ දිලීප පීරිස් මහතා මාධ්‍ය ඒවා නොදැක නිහඬව සිටියහොත් අපරාධකරුවන්ට එවැනි අපරාධ සිදුකිරීමට තව තවත් රුකුල් ලැබෙන බවත් මාධ්‍ය මෙවැනි අපරාධ හෙළි කිරීම නිසා විමර්ශනවලට දිරියක් වන්නා සේම අපරාධ මැඬලීම පිළිබඳව රටේ ජනතාව තුළ මතයක් ගොඩනැගෙන බව ද ප‍්‍රකාශ කළේය. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ද එම මාධ්‍ය හමුව ඇමතුවාය. 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles