Divaina - යුද අපරාධ චෝදනා ඇති ඇඩෙලා සැප ගන්නේ කොහොමද - නේස්බි සාමි ප‍්‍රශ්න කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කීර්ති වර්ණකුලසූරිය
 
nes135 සයනයිඞ් කරල් බෙල්ලේ දමා කොටි බෝම්බකාරියන් ලෙස ද්‍රවිඩ තරුණියන් පුහුණු කළ ඇඩෙලා බාලසිංහම් බි‍්‍රතාන්‍ය තුළ සුපිරි ජීවිතයක් ගත කිරීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේදැයි නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය සාමි මන්තී‍්‍ර මණ්ඩලයේදී ප‍්‍රශ්න කර ඇත.
 
 ළමා සෙබළියන් මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට යෙදවීම නිසා ඇය යුද අපරාධකාරියක් බවද හෙතෙම කියා සිටියේය.
 
 නේස්බි සාමිවරයා කළ මෙම ප‍්‍රකාශය ගැන සාමි මණ්ඩලයේ සිටි කොටි හිතවාදීන් කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත.
 
 එසේම බි‍්‍රතාන්‍ය තුළ කි‍්‍රයාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්ඩුව යනු කොටි හිතවාදී සංවිධානයක් බව පැවසූ නේස්බි සාමිවරයා බි‍්‍රතාන්‍ය රජය පැනවූ කොටි තහනම ඉවත් කර ගැනීම සඳහා එම සංවිධානය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි ද හෙළි කළේය.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles