Divaina - විදුලි පාරිභෝගිකයින්ට කෝටි 300 ක සහනයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 අරුණ බෝගහවත්ත
 
 viduli135සියලූ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාස සඳහා රු. කෝටි 300 ක සහනයක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
 
එම මාස 03 සඳහා විදුලි පාරිභෝගිකයින්ට සහන ලබා දිය යුතු බවට විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන ලද අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා එම මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව සඳහන් කළේය.
 
 කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරිනීතිය පනවන ලද මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාසවල විදුලි බිල්පත් සම්බන්ධව මහජනතාවගෙන් විවිධ චෝදනා එල්ලවී තිබිණි.
 
 විශේෂයෙන් මහජනතාවට නිවෙස්වල රැුඳී සිටින ලෙස උපදෙස් දෙන ලද්දේ රජය වන බැවින් එසේ නිවෙස්වල රැුඳී සිටි ජනතාව වැඩිපුර විදුලිය පරිභෝජනය කර තිබෙන නිසා එම වියදම රජය විසින් දැරිය යුතු යැයි ඇමැතිවරයා ප‍්‍රකාශකර ඇත.
 
 ඒ අනුව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බලා, යෝජිත පරිදි විදුලි පාරිභෝගික ජනතාවට සහන සැලසීම පිණිස කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස, ලංකා විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස විදුලිබල හා බලශක්තිය අමාත්‍යාංශයේ ලේකම් වෙත 2020 ජුලි 23 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණ මගින් දැනුම් දෙන ලදී.
 
 විදුලි බල මණ්ඩලයට 2020 අවසන් වනවිට රු. බිලියන 93 ක පාඩුවක් සිදුවෙතැයි ඇස්තමේන්තු කර තිබුණත්, රජය විසින් ගන්නා ලද සාධනීය කි‍්‍රියාමාර්ග හේතුවෙන් එම අලාභය රු. බිලියන 63 ක් දක්වා අවම කර ගැනීමට හැකිවී තිබෙන බව අමාත්‍යාංශය පවසයි. ලෝක වෙළෙඳපළේ් ඉන්ධන මිල පහළ යෑම මත පනවන ලද විශේෂ බද්ද නිසා රු. බිලියන 48 ක මුදලක් විදුලිබල මණ්ඩලයේ ණය වශයෙන් ලංකා ඛනිිජ තෙල් සංස්ථාවට රජය විසින් ගෙවා දමනු ලැබීය. එම නිසා තවත් රු. බිලියන 3 ක් එනම් රු. කෝටි 300 ක මුදලක් වැය කර විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීමට ලංවිම තීරණය කර ඇත.
 
 ඒ යටතේ ශී‍්‍ර ලංකාවේ ලක්‍ෂ 67 ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයින් වෙත එම සහනය හිමි වන බව මණ්ඩලය කිියයි. මින් පෙර සඳහන් කළ පරිදිම මාර්තු, අපේ‍්‍රල් සහ මැයි මාස සඳහා ගෙවිය යුත්තේ පෙබරවාරි මාසය වෙනුවෙන් ගෙවන ලද බිල්පතෙහි සඳහන් මුදල වන අතර ඉහත සඳහන් කළ මාස 03 තුළ ඊට වඩා අඩු බිලක් ලැබී ඇත්තේ නම් එම මුදල ගෙවීමට පිළිවන.
 
 කෙසේ වුවද කිසියම් පාරිභෝගිකයකු වෙත ලැබුණ බිල්පතෙහි සඳහන් පරිදි ඔහු විසින් ලංවිමට වැඩි මුදලක් ගෙවා ඇත්නම් ලංවීම සතුව තිබෙන එම පුද්ගලයන්ගේ
 
 ගිණුම්වලට එම අතිරික්ත මුදල් බැර වන බව විදුලි බල මණ්ඩලය කියයි. ඒ අනුව ඉදිරි මාසවල බිල්පත්වලට එම මුදල් හිලව් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගනු ඇත.

  

 
  

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles