Divaina - අනියත බියක් එපා: මේ තත්ත්වයත් පාලනය කරනවා... කන්දකාඩු කොරෝනා පොකුරත් සමග පවුල් 1037ක් ස්වයං නිරෝධායනයට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ලසිත දුමින්ද
 
shavendra135 කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ‍්‍රිතව ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ පවුල් 1037 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ඊයේ (15 වැනිදා* වන විට පියවර ගෙන ඇති බව කොවිඞ් 19 රෝගය වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය.
 
 මෙයට සමගාමීව ඔවුන්ගේ ආශ‍්‍රිතයන් පීසීආර් පරීක්‍ෂණවලට භාජන කිරීමට ද පියවර ගෙන තිබෙන බව කී යුද හමුදාපතිවරයා ස්වයං නිරෝධායනය සඳහා පුද්ගලයන් යොමු කර ඇත්තේ සැක සහිත භාවය නිසා බැවින් කිසිවකුත් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් සඳහන් කළේය.
 
 ඉදිරි සතිය ඇතුළතදී කොවිඞ් 19 සමාජය තුළ පැතිර යන්නේද නැද්ද යන්න පිළිබඳව අනාවරණය කරගත හැකි බව පෙන්වා දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වන විට ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් හඳුනාගෙන තිබෙන බවත් කීවේය.
 
 පවතින තත්ත්වය තුළ රට පුරා විවිධ ප‍්‍රචාර පැතිර යමින් පවතින බවත්, පළමු අදියර පාලනය කළා සේම මෙම තත්ත්වයත් පාලනය කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප‍්‍රකාශ කළේය.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles