Divaina - ගම්පහ දිසා විනිසුරු, කාර්ය මණ්ඩලය ඇතුළු 101ක් පීසීආර් පරීක්‍ෂණවලට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ගම්පහ සමූහ - සුසිල් රණමුක සහ  ගම්පහ අධිකරණ - වින්සන් පලිහවඩන
 
gampaha333 කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගමන් කළ මෝටර් රථයේ රියැදුරු ඉකුත්දා ගම්පහ දිසා අධිකරණයේ නඩුවකට සාක්ෂි දීම සඳහා පැමිණ තිබීම නිසා ඊයේ (15වැනිදා* ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ගම්පහ දිසා විනිසුරුවරිය, එහි කාර්ය මණ්ඩලය හා නීතිඥවරුන් කිහිප දෙනකු ඇතුළු 101 දෙනකු ගම්පහ මහ නගර සභා ක‍්‍රීඩාංගණය අසල පිහිටි ප‍්‍රජා ශාලාවේදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරිණි.
 
 ඊට අමතරව 80 දෙනකු නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇත.
 
 මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා ගම්පහ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුබසිංහ, අතිරේක වෛද්‍ය නිලධාරී ඩබ්.ආර්.ඒ.ආර්.ආර්. රාජපක්ෂ, ගම්පහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles